9

691 74 1
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️9 කොටස💜️

ගෙදර ආව ගමන්ම තිහස් හයියෙන් කාර් එකේ දොර වහගෙන ගේ ඇතුළට ආවේ යකෙක් වැහිලා වගේ ආවේශ වෙලා.කාර් එකේ යතුරත් මේසෙ උඩට අත ඇරිය ඔහු මේසේට හයියෙන් පාරක් ගැහුවේ ඔහුගේ කේන්තිය වසන්තගේ පිටින් යවන්න බැරි නිසා.ඔහුට පිටිපස්සෙන් ආව වසන්ත තිහස්ගේ කේන්තිය දැක්කත් ඔහුව ගණන් නොගෙන කාමරේට යන්නයි හැදුවේ.ඒත් තිහස් දැක්කා වසන්තගේ මූණේ තියෙන බැල්ම.තමන්ව හැම පැත්තෙන්ම හිර කරලා වසන්ත ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න එකට තිහස්ට තිබ්බේ කියාගන්න බැරි විදියේ කේන්තියක්.

"තාත්තා හිතන් ඉන්නේ හොඳ හපන්කමක් කළා කියලද?"

වසන්ත එහෙමම නතර උනා.තිහස් ඒ කතා කෙරුව විදියට තරහ ආවත් දෙන්නම තරහ අරන් ප්‍රශ්ණ විසඳන්න බැරි නිසා වසන්ත ඉවසුවා.

"ඔයාලා එකතු වෙලා මගෙ ජීවිතේ විනාස කරලා දැන් මාව පිට මනුස්සයෙක් අතට බාර දීලා යන්නේ මගෙ මොනා හදන්න කියලා හිතාගෙනද ආ?"

ටිකෙන් ටික උස් වන තිහස්ගේ කටහඬ අහගෙනම වසන්ත අඩියක් ඉදිරියට තිබ්බා.ඒ සද්දෙ ඇහිලා බණ්ඩාත් එබිලා බැලුවේ අදත් රණ්ඩුවක් වෙන්නයි යන්නෙ කියලා තේරිලා.

"ඔය සද්දෙ අඩු කරගනින් තිහස්.මගෙ ළමයව හදන්න මට පිට මිනිස්සුන්ට බාර දෙන්න ඕනේ නෑ.ඒත් තමුසෙ නටන පිස්සු වල හැටියට තමුසෙව තනියම දාලා මට යන්න බයයි.මං ආයේ එනකොට එන්නේ අම්මවයි අක්කවයි එක්කන්.තමුසෙ හොඳටම දන්නවා අම්මාගෙ තත්වේ.ඒ එද්දි තමුසෙ මේ තරම් නාස්ති වෙලා කියලා පෙන්නන්න මට ඕනේ නෑ.ඒ නිසා ජොබ් එක කරගෙන ඉන්නවා.අම්මා ආවම කොහොමත් තමුසෙ එයාගෙ කණෙන් රිංඟනවනේ.හැබැයි..."

එහෙම කියලා නතර උනු වසන්ත තිහස් දිහාට දබර ඇඟිල්ල දික්කළා.

"තමුසෙගෙ හිතුවක්කාරකම් නිසා අම්මා ආයේ දුක් වින්ඳොත් මේ තියෙන නිදහසත් තමුසෙට නැති වෙයි.ඒක හොඳට මතක තියාගන්නවා"

තිහස් බැලුවේ වසන්ත දික්කෙරුව ඇඟිල්ල දිහා.දන්නෙම නැතිව තිහස්ගේ මුවින් බර සුසුමක් පිට උනා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now