61

598 67 2
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️61 කොටස💜️

"තෑන්ක්ස් එයාගේ හිත හැදුවට...දිනේ ඉන් අනිද්දා..රෙජිස්ට්‍රේශන් එක උදේ නවයයි දහතුනට...මගේ බූ..තමුසෙගෙ මුල්ම බ්‍රයිඩ් වෙයි..."

රදීශ එව්ව ඒ මැසේජ් එක අහිංසා විසි වෙනි වතාවටත් කියෙව්වද කොහෙද.තුනී සතුටක් හිතම වෙලා ගද්දි අහිංසා ඒ කෙටි පණිවිඩය සාරංගට යොමු කළා.පණිවිඩය දුටු සැනින්ම ඔහු ඇමතුමක් ගත්තේ අහිංසාට.

"හෙලෝ...අහිංසා...රදීශ දැන්ද එව්වේ?"

"ඔව් අයියේ..අද උදේ බුවී සැලෝන් එකට ආවේ.කැමැත්ත දුන්නු ටිකට රදීශ දිනත් දාගෙන.පුදුම හදිස්සියක් තිබිලා තියෙන්නේ"

අහිංසා ඒක කිව්ව තාලෙට සාරංගට හිනාවක් නැඟුනා.

"රදීශ වගේ දැන් නම් මටත් හදිස්සියි හදිස්සියි වගේ...එදාටම අපිත් හොරෙන්ම රෙජිස්ට්‍රේශන් එක ගමුද?"

"ගමු..ගමු..මෙහෙ සූරියබණ්ඩාරලා තුන්දෙනා අවි අමෝරාගෙන ඉඳී අපිව පිළිගන්න"

දෙදෙනාම හයියෙන් හිනාඋනේ ඒ දසුන දෙදෙනාගේම හිතේ මැවිලා පේද්දී.

"අවි අමෝරාගෙන උන්නත් මං තමුසෙව ඇර වෙන එකෙක්ව මගෙ ජීවිතේට ගන්නෙ නෑ..හැබැයි...ඔයාගේ අයිතිකාරයෝ තුන්දෙනාගෙන්ම අවසර අරන් තමා කැන්ඳන් යන්නේ"

සාරංගගේ හඬේ විහිලුවක් ගෑවිලාවත් තිබ්බෙ නෑ.අහිංසා මොහොතකට ඒ හීනේ අතරමං උනා.ලස්සන මනමාලියක් වෙලා සාරංග එක්ක පෝරුවට නඟින දවසක් උදාවෙනකන් ඒ හිත කොච්චර පෙරුම් පුරනවද කියලා දන්නේ අහිංසාම විතරයි.

"රදීශ ඔයා කෝල් එකක් ගන්න කළින් මට ගත්තා..මිනිහාගේ රැස් වල අඩුවක් නෑ.ගහගන්න වගේ කතාව.හැබැයි...කතා කරලා කිව්වා උඹේ කෙල්ලගේ අතින් මුලින්ම හැඩ වෙන්නෙ මගෙ කෙල්ල.ඒ නිසා ෆොටෝ ගහන්නත් ඕනේ උඹ කියලා...බෑ කිව්වොත් දැනට උනත් අපි දෙන්නව ගෙදරට මාට්ටු කරලා දෙන්න බැරිකමක් නෑලු...මං ඉතින් ගොනා සේ අහන් උන්නා..."

ඒ කතාවට නම් අහිංසාට රදීශ එක්ක ආවේ කේන්තියක්.

"ඒ මනුස්සයා මොන වගේ එකෙක්ද කියලා මට නම් හිතාගන්න බෑ..හැබැයි එදා මෙහෙ ඇවිත් අයියටවත් අප්පච්චිටවත් මුකුත් කියලා නැද්ද කොහෙද..."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now