63

561 65 5
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️63 කොටස💜️

"එහෙනම් ඔයාලා හැමෝම මගෙ ඇස් වහලා අරකිගෙ ගෙදර ගියා නේද ආ??මේ අම්මව මැරුනට කාටවත් දුකක් නෑ.මගේ කියලා හිතන් උන්නු හැමෝම බලද්දි මගේ නෙමේ..මං ඇත්තටම මැරුනා නම් කාටවත් මේ දුක නෑනේ නේද???අර කෙල්ලව ලේලි කරලා ගේන්න ලේසියි එතකොට.."

මේඛලා අඬමින් කෑ ගැහුවේ තිහස් හා පිරිස මුතූගේ ගෙදර ගිහින් ඇවිත් නිවසට අඩිය තියද්දිමයි.තිහස් වචනයක්වත් කිව්වෙ නෑ.සිය මව ගැන දුකක් දැනුනත් නැවත හැරෙන්න බැරි තරම් ඔහු දුර ගිහින් ඉවරයි.මුතූගේ ඇත්තම මව්පියන් මොන වගේ උනත් එහි මුතූගෙ වරදක් නැති බව මේඛලාගේ හිත පිළිගන්න කැමති නෑ.තමාලිත් අතේ නිදන පුතුව රැගෙන කාමරේට ගියේ තිහසුත් සිය මවව මඟ ඇරලා කාමරේට යද්දි.ඉතුරු උනේ වසන්ත විතරයි.පිස්සියෙක් වගේ සෙටියට වෙලා අඬන මේඛලා ගාවට ගිය වසන්ත බරැති සුසුමක් හෙළලා ඇගේ එහා පසින් වාඩි උනා.

"ඇයි ඔයත් මෙහෙම කළේ වසන්ත??ඇයි එහෙම කළේ?"

මේඛලා ඇහුවේ වසන්තගේ පපුවට පාරක් ගහමින්.වසන්ත එය වැළක්වුයේ නෑ.ඇයට සිත් සේ අඬන්න දීලා ඇය මඳක් සන්සුන් උනාට පස්සේ ඔහු නිහඬබව බිඳලා දැම්මා.

"බය වෙන්න එපා..ඒ කසාඳේ වෙන්නෙ නෑ..."

වසන්ත එකපාරටම කියද්දි මේඛලාට අඬන්නත් අමතක උනා.ඇය දෑස් දල්වගෙන ඔහු දිහා බැලුවේ හිතට දැනුනු සතුට පෙන්නන්නෙ නැතුව.

"වෙන්නෙ නෑ???ඔයා...ඔයා ඇත්තටමද නේද ඒක කිව්වේ??"

වසන්ත හිස වැනුවේ ඇය දිහා තීක්ශණව බලන් ඉඳලා.මේඛලාගේ මුවේ පුලුල් හිනාවක් ඇඳෙද්දි ඇය දෝතින්ම මූණ පිස දැමුවා.

"මං දන්නවා...මං දන්නවා මගේ පුතා මගේ කීමට පිටින් යන්නෙ නෑ කියලා..මං දැනගත්තා..."

ඇය සතුටින් මුමුණද්දී වසන්ත කිව්ව දේ ඇහුනු තමාලිත් කාමරෙන් එළියට ආවේ පුදුමයෙන්.වසන්ත එහෙම දෙයක් කිව්ව හේතුව ඇයට තේරුනේ නෑ.

"හැබැයි..පුතා ඒ වෙනුවෙන් දෙයක් ඉල්ලුවා.."

"හා..ඕන දෙයක්...ඒ කෙල්ලව අතාරිනවා නම් මම ඕන දෙයක් කරනවා..පුතා ඉල්ලන ඕන දෙයක් දෙනවා.."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now