38

583 60 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️38 කොටස💜️

"මොකද ඒ පාර?"

ඇමතුම ගත්ත ගමන්ම තිහස් ඇහුවේ නොරිස්සුමෙන්.ඒත් පිට අය ඉස්සරහා වෙනසක් පෙන්නන්න ඕනේ නැති නිසා ටිරන්‍යා වෙනසක් නැතිව හිනා උනා.

"අනේ බබී..මගෙ පර්ස් එක කාර් එකේ දාලා ඇවිල්ලා.හොඳ ළමයා වගේ උඩට ගෙනත් දෙන්නකෝ..මට ආයේ බැහැලා නඟින්න බෑ අනේ"

ටිරන්‍යා නලවලා කියද්දී තිහස්ට දැනුනේ පුදුම කේන්තියක්.අහිංසාට නොපෙනී ඉන්න හදද්දී ඇය ඉන්න තැනටම එන්න කියද්දි ඔහුට කේන්ති නොගෙන ඉන්න බැරි උනා.ඒ මූණ රතු වෙලා තියෙන්නේ ගින්දර වගේ.

"මට කියලා කුණුහරුප අහගන්නෙ නැතිව ඕනෙ නම් ඇවිල්ලා ගන්නවා ඕයි..."

"අනේ..තරහා ගන්න එපා අනේ...මේ පඩි පහළව විස්ස මම හති දාගෙන නඟින බහින වෙලේ ඔයාට එන එක ලේසි..."

"ටිරන්‍යා මේ...මං මේ ඉන්නේ ඉවසීමේ අන්තිමේ අඩියේ..උඹ එක්කෝ මේක අරන් යමන්.නැත්තම් මම මෙහෙමම යන්නම්...එච්චරයි"

තිහස්ට යකා නැඟ්ගා කියලා තේරුනු ටිරන්‍යා අහිංසාටයි මුතූටයි පිටුපාලා හිටගත්තා.

"බනින්න එපා බබී..එන්නකෝ..අනික මේ ඔයා අඳුනන කෙනෙක් නම් මොකටද ඔච්චර බය වෙන්නේ?අනික මම පහළට ආවොත් එයාලා හිතයි මම සල්ලි නොදී හොරාට යන්න හදනවා කියලා..."

"ඒකට මට කරන්න දෙයක් නෑ.තව විනාඩි පහයි දෙන්නේ.ඕනෙ නම් ඇවිත් ගන්නවා"

තිහස් කෝල් එක කට් කරද්දි ටිරන්‍යාට නිකන්ම චුක් ගෑවුනා.කණස්සල්ලෙන් ෆෝන් එක දිහා බලන් උන්නු ඇය මවාගත් හිනාවකින් හැරුනේ අහිංසා දිහාවට.

"අනේ ඩාලින්..බෝයි කියනවා ඕනෙ නම් ඇවිත් පර්ස් එක අරන් යන්නලු.එයා ඔහොමමයි..මං පහළට ගිහින් අරන් එන්නද?මං බෑග් එක තියලා යන්නම්..නැත්තම් ඔයාලා හිතයි මම හොර පාරෙන්ම යයි කියලා"

ටිරන්‍යා කිව්වේ හිතට සියුම් ලැජ්ජාවක් දැනෙද්දි.චරිතය මොන වගේ උනත් ඇය කා ඉස්සරහවත් අසරණ වෙන්න කැමති කෙනෙක් නෙමේ.අහිංසාටයි මුතූටයි ගාණක් නැති උනාට ටිරන්‍යාට ඒක අපහසුවක් උනා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now