14

629 64 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️14 කොටස💜️

සාරංග කිව්ව දේට කේශව ඔහු දිහා බැලුවේ පුදුමයෙන්.ඒ පුදුමය ඇතුළෙ පොඩි තරහකුත් ගැබ් වෙලා තිබ්බා.

"මොනාද යකෝ කියන්නේ?කවදාවත් හරියට කතා බහ කරලවත් නැති එකියෙක්ව බඳින්න උඹට පිස්සුද?"

කේශව කිව්වේ ටිකක් සද්දෙන්.සාරංග කවදාවත් ආදරේ ගැන බරපතලව හිතුව කෙනෙක් නෙමේ.ස්කෝලේ යන කාලෙ ඉඳන් අද දක්වාම හිතට දැනුනු,ආදරේ හිතුණු කෙල්ලො කීප දෙනෙක් ඔහුගේ හිතේ හිටියත් ඒ වගේ සම්බන්ධකම් ඇති නැති ගාණට තියාගත්තත් ඒ කිසිම දේකට වැඩිකල් ආයුශ තිබ්බෙ නෑ.ඒ මිහිරානි කෙනෙක්ට දීලා තිබ්බ පොරොන්දුවක් නිසා.මොන සම්බන්ධයක් පටන් ගත්තත් මිහිරානිගෙ පොරොන්දුව සෑහෙන්න සාරංගගේ හිතට වද දුන්නා.

"මං දන්නෙ නෑ බං.උඹ දන්නවනේ අපේ අම්මා ගැන.මං මොකෙක් හරි කෙල්ලෙක්ව සෙට් කරන් එද්දි එයාගෙ පොරොන්දුව මතක් කරනවා.ඒ පොරොන්දුව කඩන්න බෑ කියනවා.ඒ මිනිස්සු දුන්නු උදව් අමතක කරන්න බෑ කියනවා.උඹත් බැන්ඳට පස්සේ පුදුම වදයක් බං දෙන්නේ නාකි වෙනවා කියලා"

සාරංගගේ හිතේ තියෙන පීඩනේ කේශවට හොඳටම දැනුනා.

"උඹේ තාත්තා මොකද කියන්නේ?"

"තාත්තා රෝද පුටුවට වැටුනෙ නැත්තම් එයා බය නැතිව මං වෙනුවෙන් කතා කරනවා බං.ඒත් එයා ඇක්සිඩන්ට් උනු වෙලාවේ මට සල්ලි හිර වෙද්දි උඹලා වගේම ඒකිගෙ පවුලෙ උනුත් සෑහෙන්න උදව් කළා.දැන් අම්මගෙ හිත තවත් පැහැදිලා.අනේ මන්දා බං"

සාරංග සසර කළකිරුනා වගේ කතා කළේ.කේශවටත් කියන්නෙ මොනාද කියලා තේරුමක් තිබ්බෙ නෑ.ඕනම කොල්ලෙක් ආසයි ආදරේ කරන්න.ආදරේ විඳින්න.ස්කෝලෙ යන කාලේ ඉඳන් මේ වෙනකන්ම සාරංගට හිත ගිය ඔහුට ආදරේ කෙරුව කෙල්ලොත් සාරංගගෙන් අනුබලයක් නැති නිසා වෙනතක් බලාගත්තා කියන්න කේශව දන්නවා.

සාරංගව මේ විදියට හිර කළේ මිහිරානි.ඇය පාසල් යන කාලයේ සිටි ඇගේ හොඳම යෙහෙළිය විවාහ වෙලා වෙන පළාතකට ගිය නිසා මිහිරානිට ඒ යාලුවව මුණ ගැහුනේ නෑ.ඒත් කාලෙකට පස්සේ ඇයත් විවාහ වෙලා සාරංගවත් ලැබුණට පස්සෙ කාලෙක හදිස්සියෙන්ම වගේ ඔවුන් දෙදෙනා ආයේ මුණ ගැසුනා.එදා ඉඳන් නැවත අලුත් උනු මිතුදම ශක්තිමත් උනේ හරියට දැන් කේශවයි සාරංගයි අතර තියෙන මිත්‍රත්වය වගේමයි.ඒ සබඳකම් නෑදෑකමකට පෙරළගන්න ඔවුන් පොරොන්දු උනේ මිහිරානිගෙ මිතුරියගෙ දියණිය ලොකු ළමයෙක් වෙච්ච දවසෙමයි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now