69

533 67 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

සන්තානේ - දෙහදක් 2

💜️69 කොටස💜️

ශාදි උන්නේ ඇත්ත කියන්නද බොරු කියන්නද කියලා හිතාගන්න බැරිව.ඇයට මතක් උනේ ඇය සමඟ ගමන් කළ තරුණයා ඇයට පැවසූ කාරණාවක්.

"සාරංග කියන්නේ කොලිටියට වැඩ කරන එකෙක්.හැබැයි ඌ අමුතු පොරක්...අපි ෆීල්ඩ් එකට ආවේ එකම කාලේ..ඒ නිසා ඌ ගැන මං තරම් වෙන කවුරුත් දන්නෙ නැතිව ඇති...ඔයාවයි එයා මැරි කරන්නෙ ඉන්නෙ කියද්දි මට විශ්වාසත් නැති උනා..ඒත්..මං කැමතියි ඔයා මගෙ රික්වෙස්ට් එක ගැන ඌත් එක්ක නොකියා ඉන්නව නම්"

ශාදි ඇත්තටම හිතන් උන්නේ ඇයට හමු වූ තරුණයා ගැන නොකියා ඉන්න.ඒත් අනපේක්ශිත විදියට සාරංග ඇය ඔහු සමඟ දුටු නිසා ශාදිට බොරු කියන්න හිතක් දුන්නෙ නෑ.

"අහ්..ඔව්..මං..ඒ ගියේ ඔයා දන්න කෙනෙක් එක්ක..වරංග අ..."

"වරංග අබේනායකද?"

වරංගගේ නම ඇහෙද්දිම සාරංග තරමක් කලබල උනා කියලා ශාදිට හිතුනා.මිහිරානි නම් මේ කතාබහ දෙස බලන් උන්නේ ශාදි ගැන පැහැදීම මඳක් අඩුවෙද්දී.

"ඔ..ඔව්..අර ශූට් එකෙන් පස්සෙ එයා මාව කන්ටැක්ට් කරගත්තා.එයත් එක්ක ශූට් එකක් කරන්න රික්වෙස්ට් කළා.මම ඒ ගැන කතා කරගන්නයි...අද ගියේ...සොරි නිකේත් අයියේ.මට ඒ ගැන කියන්න අමතක උනා"

"අමතක උනා කියලා කියන්නෙ මොකක්ද දරුවෝ?සාරංග ඔයා මැරි කරන්න ඉන්න කෙනා.අනික...ඔයා නොදන්න පිරිමියෙක් එක්ක එහෙම ගමන් යනවද රික්වෙස්ට් කළ පලියට...?"

කවදාවත් ශාදි මිහිරානිගෙන් එවැනි වාග් විලාසයක් බලාපොරොත්තු උනේ නෑ.ඉතින් ඇය බිම බලාගත්තේ වැරැද්ද ඇගේ අතේ නිසා.නමුත් මිහිරානි වගේ තරහ අරගෙන කෑ ගහන්න තරම් උවමනාවක් හෝ හැඟීමක් සාරංගට තිබ්බෙ නෑ.

"ශාදි මොනා කළත් මට අදාල නෑ අම්මේ..ශාදි...හැබැයි මම ඔයාට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්.වරංග එක්ක පරිස්සමින් වැඩ කරන්න.සීමාවක් තියාගෙන..."

සාරංග ඊටත් පසු කිසිත් නොඅසාම කාමරයට වැදුනේ ශාදි දිහා මිහිරානි අමුතුවට බලන් ඉද්දී.ශාදිට ඒ කියන සීමාව තේරුම් ගන්න උවමනා උනේ නෑ.මොකද ක්ශේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන වරංග සමඟ වැඩ කිරීම තමා ඇගේ ඊළඟ හීනය.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now