71

554 68 0
                                    

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️71 කොටස💜️

උද්‍යානයේ බංකුවක වාඩි වෙලා උන්නු මුතූගේ අතකින් අල්ලගෙන උන්නේ වෙන කවුරුත් නෙමේ තිහස්.ඇයට නිදහසේ අඬන්න ඉඩ දීලා තිහස් නිහඬව උන්නේ ගොඩක් වෙලාවක ඉඳන්.

"බබා..ඇති ඔය ඇඬුවා.."

තිහස් කිව්වේ ඇගේ හැඬුම් ඉවසන්නම බැරි තැන.

"අඬ..න්න දෙන්න අයියේ...ආයේ ක..කවදාවත් අඬන්නෙ නෑ...අද විතරයි..ප්‍රොමිස්..."

ඉකිය වාවගෙන මුතූ හීන් හඬින් කියද්දි තිහස් ඇගේ හිස උරහිස මතින් තබාගත්තා.විනාඩි කීපයකට පස්සේ කෙළින් වූ ඇය මූණ පිස දා ගත්තේ තිහස් දිහා බලාගෙන ව්‍යාජ හිනාවකුත් පෙන්නලා.

"හිත හැදුනද ම්ම්?"

තිහස් ඇහුවේ ඇගේ දෙකම්මුල් වත වියලුනු කඳුලු බිඳු නැවත වරක් පිස දමමින්.ඇය සිනාවකින්ම හිස සලා සිය බෑගයෙන් ජංගම දුරකථනය අතට ගත්තා.

"ඔය විදියට ඇර වෙන විදියක් නෑ කියලා විශ්වාසද?"

තිහස් ඇහුවේ ඇය කරන්න හදන දේ ගැන ඉවෙන් වගේ දැනිලා.

"මට මීට වඩා හොඳ ක්‍රමයක් පේන්නෙ නෑ අයියේ..එයාලට දැනෙන්නම ඕනේ මේ කරපු වැඩේ බරපතලකම"

තිහස් ඇගේ කීමට එකඟව ඇගේ ක්‍රියාව අනුමත කරන්න වගේ හිස සැලුවා.ලොකු හුස්මක් ඉහළට ඇදි මුතූ අහිංසාගේ දුරකථනයෙන් හොරෙන් ගත්ත අංකයට ඇමතුමක් ගෙන සවනේ තබා ගත්තේ නොසන්සුන්බවකුත් හිතේ පිරෙද්දී.

"හෙලෝ..."

ඇසුණේ යුවතියගේ හඬයි.චකිතය මදක් නැති වෙද්දී මුතූ ආයාසයෙන් හිනාවක් නඟාගත්තා.

"අක්කේ..මම...මම මුතූ.."

"අහ්..මුතූ..කෙල්ල...හොඳින් නේද??මොකෝ මේ අපිව මතක් වෙලා.."

"අනේ...ඔයාව මට නිතරම මතක් වෙනවා..හැබැයි අද නම් ගත්තේ ලොකු උදව්වකට.."

"කියන්න පැට්ටෝ.."

මුතූ කෙළ පිඬක් ගිල්ලා.

"අයියගෙනුයි උදව්ව ඕනේ..මට එයාට කතා කරන්න පුලුවන්ද?"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now