13

620 66 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️13 කොටස💜️

නිවාඩු දවසේ චාන්‍යායි කේශවයි උන්නේ ගෙදර.ඒ නිසා පාන්දරම ඇහැරෙන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් කසාඳ බැඳලා ආව දා ඉඳන් චාන්‍යා පාන්දරම නැඟිටින්නේ තුශාරි එක්ක උයන්න ඕන නිසා.උදේ හයට විතර අලාම් එක එකදිගට වදිද්දි චාන්‍යා ෆෝන් එක හෙව්වේ අත දිගඇරලා.ඒත් ඇයට හෙල්ලෙන්නවත් විදියක් නෑ.කේශව උන්නේ චාන්‍යාගෙ පපුවට ඔලුව තියාගෙන.

"ඔය මඟුල ඕෆ් කරනවකෝ.."

කේශව කියන්නේ චාන්‍යාව තවත් තුරුළු කරගන්න ගමන්.

"ඉතින් අහකට වෙන්නකෝ.ෆෝන් එක ගන්න අත දිග නෑ"

චාන්‍යා කිව්වේ කේශවව එහාට කරන්න උත්සාහ කරන ගමන්.ඒත් ඔහු කිසිම ගාණක් නැතිව එහෙමම ඉන්නේ ඒ උණුසුමින් මිදෙන්න තියෙන ලෝබකමට.

"එහෙනම් ඔහෙ වැදෙද්දෙන්"

"අනේ යන්න අනේ.උයන්න යන්න ඕනේ"

"තමුසෙ ඉව්වේ නෑ කියලා මේ ගෙදරට කන්න නැති වෙන්නෙ නෑ.තුශාරි ඉන්නෙ ඒකට තමා"

නිදිමතේම කේශව කිව්වේ චාන්‍යාගෙ අත් දෙකම බලෙන් හිර කරගෙන.ඒත් චාන්‍යාට හිත දෙන්නෙ නෑ උදව්වක්වත් නොකර ඉන්න.කේශව හෙල්ලෙන්නෙ නැතිම තැන චාන්‍යා දඟලලා වගේ අතක් නිදහස් කරගෙන කේශවගේ පිට කෙනිත්තුවේ කේශව කරන්ට් එක වැදිලා වගේ විසිවෙද්දි.

"මොනාද ගෑණියේ කරන්නේ?කොටි දෙන වගේ සූරන්නේ"

කේශව කිව්වේ අත පිටුපසට යවලා කොනිත්තපු තැන පිරිමදින්න අමාරු උත්සාහයක යෙදෙන ගමන්.චාන්‍යා හිනා වේගෙනම ඇඳෙන් ටක් ගාලා බැස්සේ කේශව අවුස්සගෙන වැඩ වරදින්න කළින්.

"එකපාර කියද්දි අයින් උනා නම් ඔහොම වෙන්නෙ නෑනේ.නිදිකුම්බයා..නිදාගන්න එහෙනම්"

"බලාගන්නම් තමුසෙව.."

කේශව නිදිමතේම මූණ ආයේ කොට්ටෙට ඔබා ගද්දි චාන්‍යා ඔහුට දිවත් දික්කරගෙන පිජාමා එක උඩින් ඕවර් කෝට් එකකුත් දාගෙන කුස්සියට ගියා.ඒ යද්දිත් තුශාරි උයන්න පොල් ගානවා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now