7

813 72 2
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️7 කොටස💜️

"කාගෙ කටද කෑවා කිව්වේ?"

චාන්‍යාට විහිළු කර කර එළියට එද්දිම දොර ගාව උන්නේ වෙන කවුරුත් නෙමේ ගිරිරාජ්.ඔහු තනියම නෙමේ උන්නේ.සාරංගත් හිටියේ ගිරිරාජ් එක්කමයි.අහිංසාගෙ හිනාව ගිලුනේ කියාගන්න දෙයක් කටට නොඑද්දි.චාන්‍යාට අහිංසාගෙ අතක් මිරිකුනේ බයටමයි.බැරි වෙලාවත් ගිරිරාජ්ට තියෙන බයට අහිංසා ගෙඩිය පිටින් ඔක්කොම කිව්වොත් ලැජ්ජාවට පොළව පලන් තමා යන්න වෙන්නේ.අහිංසා සාරංග දිහා බලද්දි ඔහුත් ඉන්නේ ඇස් දෙක චූටි කරන් අමුතුවට බලාගෙන.

"අප්පච්චි මේ චාන්‍යා...."

අහිංසා වචන හොයද්දී චාන්‍යාට ඉන්න බැරි ගාණයි.

'අනේ අහිංසෝ..කියන්න නම් එපා'

චාන්‍යා හිතින් කිව්වේ ආයාචනාත්මක බැල්මක් අහිංසා දිහාට හෙලාගෙන.

"චානු ඇඳුම් මාරු කර කර ඉද්දි ඇඳුමේ ඉඳලා කූඹියෙක් කාලා.දැන් ඉන්න බෑ තොල්පට දැවිල්ලයිලු"

අහිංසා කියාගෙන ගියේ ගිරිරාජ්ට ඇත්ත කියන්න බැරි නිසා.ඒත් අහිංසා කිව්ව බොරුවේ හැංඟිලා තියෙන දේ සාරංගට නම් තේරුනා.මුව පුරා හිනාවක් නඟාගෙන සාරංග චාන්‍යා දිහා බලලා අඩියක් ඉස්සරහට තිබ්බේ හොඳකට නෙමේ කියන්න නම් චාන්‍යාට තේරුනා.

"මේ දවස් වල කූඹි නේන්නම් අන්කල්.උන්ටත් සීසන් එකක් තියෙනවද මන්දා එළියට එන්න.බලන්නකෝ ඉතින්.මෙච්චර තැන් තියෙද්දි කටම කාලා.ඒකා නම් මහ වල් කූඹියෙක් වෙන්න ඇති නේද?"

සාරංගත් ඇවිලෙන ගින්නට පිදුරු දාද්දි චාන්‍යා සාරංගට රැව්වේ අහිංසා අතින් කට වහගෙන හිනා වෙද්දී.චාන්‍යාට දැන් නම් කේන්තියේ බෑ.දෙන්නගෙ විහිළු වලට අහු උනොත් බේරෙනවා බොරු.ගිරිරාජ්ටත් තේරුනා කට්ටිය වහෙන් ඔරෝ භාශාවෙන් කතා වෙන දේවල්.ඒ අතරේ තමා කේශවත් ශර්ට් එකේ අත නම නම කාමරෙන් එළියට ආවේ.ගිරිරාජ් කේශවව ඈත තියාම දැක්කා.

"අන්න..කූඹියා එනවා"

එපමණක් විතරක් කිව්ව ගිරිරාජ් මඳ සිනහවක් නගාඟෙන කාර් එක පැත්තට යද්දී සාරංග අහිංසාගෙ කරටත් අත දාගෙන හිනා උනේ හූ තිය තිය.චාන්‍යා බලන් හිටියේ දෙන්නා හිනාවෙන විදිය දිහා.ඇයට කේන්තියේ බෑ.ඒ අස්සේ ඉඳලා ඉඳලා ගිරිරාජ් කිව්ව දේට චාන්‍යාගේ මූණත් එක්ක රතු උනා.අහිංසායි සාරංගයි හිනා වෙන දිහා මූණත් බෙරි කරන් ඉන්න චාන්‍යාව දැකලා කේශවට තේරුනා දෙන්නා එකතු වෙලා චාන්‍යාව අවුස්සනවා කියලා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now