83

694 68 0
                                    

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️83 කොටස💜️

වසා ඇති දොර දෙස බලා මුවින් හුස්මක් පිට කළ සාරංග හිසකෙස් අතකින් පසුපසට කළේ මාධවගෙයි කේශවගෙයි උපහාසාත්මක වදන් සිහියට එද්දි.

'කිව්වත් වගේ මේකි අද මාව හමගහයිද දන්නේ නෑ..'

තමන්ගේ සිතටම මුමුණාගත් සාරංග දොර හෙමීට විවර කරත් ඒ සමඟම ඔහුගේ මුහුණට යමක් වැදී රිදුම් දුන්නේ ඔහු මුහුණ අතකින් වහගද්දී.කිව්වා සේම අහිංසා ඇගේ තරහවේ වාන් දොරටු විවර කරලා ඉවරයි.ඇයව මෙලෙසින් කේන්ති ගැස්සුවේ ඔහුමයි.ඉතින් මේ තරහවත් ඔහු දරාගත යුතුයි.දෙතොලට මදක් ඉහළින් වැදී බිම වැටී තිබුණේ අහිංසාගේ පනාවක්.රවුම් හැඩයක් ගත් එය තරමක් බරැති එකක් වූවා.වැදුනු පාරට නම් රතු පැල්ලමක් මතු වී ඇති බව නම් නිසැකයි.දෑස් ඔසවා බලද්දී අහිංසා සිටියේ දෙනෙත් සිහින් කරගෙන දෑත් බැඳ ඔහු දිහාම බලාගෙන.හැබැයි ඒ දෙනෙත් වල කඳුලු බිඳු එලෙසින්මයි.ප්‍රථම වතාවට සාරංගට තමන් ගැනම කේන්තියක් ආවේ ඇයට රිදවූවා වැඩියි බව සිහිවෙද්දී.

"අහිංසා..."

"එක අඩියක් ඉස්සරහට එන්න එපා..මං මේ හොඳින් කියන්නේ"

"මේ අහන්න මැණික..."

"තමුසෙගෙ මැණිකක් මෙහෙ නැහැ.ගිහින් හොයාගන්නවා ඕන දිහාවකින්"

අහිංසා දෙසට අඩි තබමින් සාරංග ඉදිරියට එද්දී අහිංසා සිටි තැනම සිට අතත් දිගු කරමින් පැවසූවත් සාරංග එය ගණන් ගත් බවක් පෙනුනේ නැහැ.ඔහුට දැන් ඕනේ මේ දුරස්ථ බව නැත්තටම නැති කරලා දාන්න.ඇයව පුදුම කරවන්න ඕනාකමක් තිබුනත් නොදැනීම එයින් ඇගේ හිත රිදවූ එකට සමාව ගන්න.කලින්ටත් වඩා ආදරේ කරන්න.ඉතින් ඇගේ මේ කේන්තිය තමා දරාගත යුතුම වන බව සාරංගට වැටහුනා.

"චුට්ටක් අහන්නකෝ.."

"මොනා අහන්නද??මොනාද තව මම දැනගන්න තියෙන්නේ අයියේ?මාව රවට්ටලා ඔයාට මොනාද ලැබුනේ??"

"මම ඔයාව රැවැට්ටුවේ නෑ..."

එයට අහිංසා පෑවේ සමච්චල් සිනහවක්.

සන්තානේ - දෙහදක් 2जहाँ कहानियाँ रहती हैं। अभी खोजें