67

568 68 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️67 කොටස💜️

කෑමත් ගෙන මිහිරානි ගිය පසුව මුතූ එය නිහඬවම අස් කළේ අහිංසා දිහාට සැරින් සැරේ බැල්මක් හෙලමින්.ඇය වතුර බොන්නේත් කුමක්දෝ කල්පනාවක ඉඳන්.මිහිරානි සිටි නිසා ඒ ගැන අහන්න බැරිව සිටි මුතූ කුණු බඳුනට ඉටි බෑගය දමා බැලුවේ අහිංසා දිහා.

"අක්කී..."

මුතූගේ ආමන්ත්‍රණය අහිංසාට නෑහුනු තරම්.මුහුණින් නොපෙන්නුවද ඇය සිටියේ හිතින් දහස් වරක් හඬමින්.ඇය ඉන්නේ ගැඹුරු කල්පනාවක බව වැටහුණු මුතූ ඇය අසලටම ගොස් ඒ උරපත්තකට අතක් තැබුවා.

"අහිංසා අක්කී..."

"අහ්.."

අනපේක්ශිත ස්පර්ශයෙන් මඳක් තිගැස්සුනු අහිංසා ඒ මුතූ බව වටහාගෙන ඉක්මනට ඇය දෙසට හැරුනා.

"ඇයි මුතූ?"

"මොකක්දෝ ලොකු කල්පනාවක නේද උන්නේ?මම කතා කරනවා ඇහුනෙත් නෑ ඔයාට..මූණත් අමුතුයි...මොකෝ...නැන්දම්මා මොනා හරි කිව්වද?"

මුතූ විහිලුවෙන් වගේ ඇහුවත් අහිංසාට ඒකට ප්‍රතිචාර දක්වන විදියක් හිතාගන්න බැරි උනා.

"කියන්නකෝ..."

"අනේ ඉතින්...එයා මට මොනා කියන්නද?සාරංග අයියා ගැනයි ශාදි ගැනයි...තව වල්පල් ටිකකුයි කියෙව්වා..ඔච්චර තමා"

මුතූගෙන් දෙනෙත් සඟවාගෙන අහිංසා කිව්වේ වතුර වීදුරුව උගුරට දෙකට බීලා.අහිංසා දන්නවා මුහුණේ හැඬූ බවට සලකුණු මුතූගෙන් සඟවන්න අමාරුයි කියලා.ඉතින් ඇයට ඕන උනේ ඇය අවුලෙන් ඉන්නේ මිහිරානි ශාදි ගැන කියවපු නිසා බව මුතූට අඟවන්න.

"ඔයා මට මොනාහරි හංඟනවද?"

නමුත් මුතූගෙන් නම් ගැලවීමක් තිබ්බෙ නෑ.ඇය ප්‍රශ්ණ අහන එකෙන් සිද්ද වෙන්නේ හංඟගන්න උත්සාහ කරන වේදනාව උඩට එන්න හදන එක විතරයි.

"මොනා හංඟන්නද අනේ??මේ කෙල්ලට පිස්සු...ඔය අත හෝදගෙන එනවා අර සාරි එක වර්ක් කරලා ඉවර කරන්න...තව සතියකින් බ්‍රයිඩ්ට ජැකට් මහන්න පීස් එක හදලා දෙන්නත් ඕනේ.."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now