2

1.2K 75 3
                                    

සන්තානේ
(දෙහදක් 2)

කතු අවසරයකින් තොරව කිසිම අයුරකින් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️2 කොටස💜️

විවාහ මංගල්‍යයේ සොඳුරු පැයක් දෙකක් ගත වූ පසුව උත්සව ශාලාව පුරාම දෝංකාර දෙමින් තිබුණේ කේශවගේ හා චාන්‍යාගේ මිහිරි හඬින් ගැයුණු ගීතයක්.ශාක්‍යාගේ විවාහයේදී නයි වෛරෙන් උන්නු කාලෙදී දෙන්නටම අහම්බෙන් වගේ කියන්න සිද්ද වෙච්ච ගීතයම තමා දෙන්නම ගායනා කළේ.ඒ ගීතය ඔවුන් දෙන්නගෙම මතකයන් ආයෙත් අලුත් කළා.එදා දෙන්නට දෙන්නා කේන්තියෙන් උන්නට අද ඔවුන් ඒක ගායනා කළේ හරිම ආදරෙන් අත් පටලවගෙන.හැමෝගෙම අත්පොළසන් නාදය මැද්දේ ගීතය ඉවර වෙද්දී කේශව සෙනඟ මැද්දෙම චාන්‍යාගේ නළලත සිප ගත්තා.කේශවගේ මිතුරන්ගේ උසුළු විසුළු මෙන්ම විසිල් පාරවල් මැද්දේ චාන්‍යා ඔහුගේ පපුවේ මූණ හංඟගත්තේ ලැජ්ජාවෙන්.

"අනේ...හරිම ස්වීට් අනේ"

"දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ.මැචින් කපල්"

වටේ පිටේ ඉන්න අය කියන කතා කන වැකුණු එරන්දතීට දත්මිටි කැවුනේ ඊර්ශ්‍යාවේ උපරිමයෙන් උන්නු නිසා.

"මළ කෝළම්.මෙච්චර සෙනඟක් මැද්දේ එහෙම හැසිරෙනවද?"

හිතේ පිරී ඉතිරෙන ඊර්ශ්‍යාවටම එරන්දතීට එහෙම කියවුනා.ඒක ඇහුණු ඉන්දීවරීට හිනාවක් ගියේ තම නංගිගෙ හැටි ගැන දන්න නිසාමයි.

"ඒකෙ මොකක්ද තියෙන වරද නංගී?පොඩි පුතා චාන්‍යා දුවට ආදරෙයි.අනික අද තමන්ගේ වයිෆ්ට නළලට කිස් එකක් දුන්නා කියලා මොකක් වෙනවද?මේ ජෙනරේශන් එකට ඕවා අලුත් දේවල් නෙමේනේ"

ඉන්දීවරී කියද්දි ඊට ඉහළින් එරන්දතී මොකක්වත් කියන්න ගියේ නෑ.ඒ ඔවුන්ට විරුද්ධව මොනා හරි කියලා පවුලෙන් කොන් වෙන්න තිබ්බ අකැමැත්තට.ඒ නැතත් එහා පසින් නීල් වාඩි වී ඉන්න නිසා එරන්දතී ආයාසයෙන් කට පාලනය කරගත්තා.අහිංසා නම් උන්නේ කඩියා වගේ එහෙට මෙහෙට දුව දුව.චාන්‍යාගේ නෑදෑ නංගිලා,ඇගේ මිතුරියන්,ඔවුන්ගේ නෑයන් සියල්ලම සමඟින් ඇය හිනා වෙවී කතාව.හැමෝම සමඟ තොරතෝංචියක් නැතිව කියවන ඇය දෙස එක් දෑසක් නිතරම එල්ල වෙලා තිබුණා කියලා ඇයට තේරුමක්වත් තිබ්බෙ නෑ.

සන්තානේ - දෙහදක් 2Dove le storie prendono vita. Scoprilo ora