50

634 68 5
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️50 කොටස💜️

"හෙලෝ..."

අහිංසා ඇමතුමට පිළිතුරු දුන්නේ චකිතයෙන් වගේ.

"හෙලෝ..කවුද මේ?"

ඒත් මොහොතක් යනකන් ප්‍රතිචාරයක් නොවෙද්දී අහිංසා හැදුවේ ඇමතුම විසන්ධි කරන්න.

"මම රදීශ..."

ගැඹුරු මෙන්ම ඍජු හඬකින් ඒ නම ඇහෙද්දී අහිංසාගේ දෙනෙත් පුදුමයෙන් විසල් උනා.හද ගැහෙන වේගය පවා වැඩි වෙද්දි අහිංසා දුරකථන තිරය දෙසට ක්ෂණික බැල්මක් හෙලුවේ දෑත් පවා වෙව්ලද්දි.

"තමුසෙ නම ඇහුව ගමන් ගොලු උනාද?"

අවඥා සහගත ස්වරයකින් රදීශ ඇහුවේ අමුතු හිනාවකුත් එක්ක.අහිංසාගේ පියා ප්‍රබල චරිතයක් උනත් අහිංසා තුළ ඒ එඩිතරකමින් දශමයක්වත් ගෑවි නැති බව රදීශ දැනගත්තේ අනතුර වෙලේහි ඇය හැසිරුනු විදියෙන්මයි.

"ඔ..ඔයා කොහොමද ම..මගෙ නම්බ...."

"නම්බර් එක දැනගත්තේ කොහොමද වගේ ගොන් ප්‍රශ්ණ අහන්න එපා..තමුසෙගෙ සැලෝන් එකේ එන්ට්‍රන්ස් එකේ ගහලා තියෙන්නේ හැමෝටම දැනගන්නනේ නේද?"

අහිංසාට කෙළ පිඬක් ගිලුනා.ඒ කියන්නේ ඔහු තමාව හොයාගෙන සැලෝන් එකටත් ගිහින්.එයට හේතුව හිතන්නත් ඇය බයයි.

"ගහලා තිබ්බ පළියට හැම මනුස්සයම මට කෝල් ගන්න ඕනෙ නෑ.එතනට එන්නේ ලේඩීස්ලා..ඒ නිසා මං හිතන්නෑ මගෙන් ගන්න තරම් වැඩක් ඔයාට තියේවි කියලා"

බිය පසෙක ලා අහිංසා තරමක් ආවේගයෙන් කියද්දී රදීශ කළේ සිහින් සිනාවක් පෑව එක.

"තමුසෙගෙන් ගන්න වැඩක් මට තියෙනවා..හෙට ඒ වැඩේ මම ඇවිල්ලම කියන්නම්.."

එවර අහිංසා කලබල උනේ ඔහු තමාව හොයාගෙන සැලෝන් එකටත් ඒවි කියලා බයෙන්.ඔහු මේ හදන්නේ මොනා කරන්නද කියලා නොතේරෙද්දී අහිංසා වේලී ගිය දෙතොල් තෙමා ගත්තා.

"මං...මං හෙට නෑ.."

ගත් කටටම ඇය කියද්දී රදීශ හයියෙන් හිනා උනේ අහිංසාට ඔහු ගැන කේන්තියක් දැනෙද්දී.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now