23

630 63 1
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️23 කොටස💜️

අහිංසා සැලෝන් එකට ගියේ නැත්තේ තාමත් හිත තිබ්බේ බිඳිලා නිසා.සාරංගත් කෝල් කළාට අහිංසා ආන්සර් කරන්න හදිස්සි උනේ නෑ.ගෙදරට වෙලා ඉන්න එක තේරුමක් නැති දෙයක් උනත් සාරංගව මුණ ගැහුණොත් ආයෙමත් දුක හිතෙයි කියලා අහිංසාට බයක් ආවා.ඉදිරි සතිය කාර්‍යබහුල එකක් නිසා සාරංගට ඕන උනේ එකම වතාවක් හරි අහිංසාව මීට් වෙන්න.හිත අස්සේ මොන හැඟීම හැංඟිලා තිබ්බත් සාරංගට ඕනේ තමන් නිර්දෝශීබව කොහොම හරි ඔප්පු කරගන්න.අහිංසා සැලෝන් එක ආවේ නැති එකෙන් උනේ අහිංසා එක්ක නිදහසේ කතා කරන්න තිබ්බ චාන්ස් එකත් නැති වෙච්ච එක.ඔහු බැරිම තැන කෝල් එකක් ගත්තේ මුතූට.ඇයත් ඒක ආන්සර් කළේ දෙතුන් පාරක් රින්ග් කළාට පස්සේ.

"මොකද?"

මුතූ කතා කරන්නෙත් ගහගන්න වගේ.

"තාම තරහින්ද ඉන්නේ?"

"තරහ වෙන්න ඔයා මොනාහරි වැරැද්දක් කළාද?"

මුතූ අහන්නේ උපහාසයක් එක්කමයි.

"එහෙම කියන්න එපා බං.මට ඉන්නේ තමුසෙ විතරයි.ඔහොම තරහ ගත්තම හරි යනවද?"

"මං තරහ අරන් නෑ නිකී අයියේ.දුකක් විතරයි තියෙන්නේ.ඔච්චර ලොකු කාරණයක් ඔයාගෙම නංගිට ඔයා හැංඟුවෙ කොහොමද කියලා මං කල්පනා කළේ.අනික ලොකු අම්මා අපේ අම්මාගෙනුත් ඒ කාරණේ හැංඟුවනේ.බලද්දි මුලු පවුලම එකයි.හැංඟි හොරා වැඩ තියෙන්නේ"

මුතූ කෙරුව දෝශාරෝපනය ඔහුගේ හිතට බර වැඩියි.අනික සාරංග ඒ දේ නොකියා හිටියේ ශාදි කියන මාතෘකාව හිතට මහම මහ වදයක් නිසා.තමන් අකැමති මාතෘකාවක් ගැන කතා කරන්න ඕනම කෙනෙක් අකැමැතියි.සාරංගටත් උනේ ඒක.

"ඔව්.හොර වැඩ තමා තියෙන්නේ.තමුසෙත් කොල්ලගෙන් බූට් එක කනකන් මාත් එක්ක මුකුත් කිව්වෙ නෑනේ නේද?අනේ මේ මුතූ...යකා අවුස්සන්න එපා බං"

සාරංග සැරෙන් කියද්දි මුතූට වචනත් නැති උනා.ඔව්.ඒ කතාවත් ඇත්‍ත.මුතූගෙයි තිහස්ගෙයි සම්බන්ධෙ ගැන සාරංග විතරක් නෙමේ ගෙදර අයත් දැනගත්තේ ඒක බ්‍රේකප් වෙලා මුතූ අසනීප වෙද්දී.තවටත් තිහස් කවුද කියන්න සාරංගවත් නොදන්නේ මුතූ ඒ ගැන කතා කරන හැමවෙලාවෙම අසනීප වෙන නිසා.ඒ තරම් ගැඹුරු ආදරයක් මුතූගේ හිතේ තිහස් වෙනුවෙන් තිබ්බේ.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now