79

545 62 1
                                    

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️79 කොටස💜️

තරමක් ප්‍රමාදව අවදි වූ අහිංසාගේ දෑස් තිබුනේ නිදිබරටත් වඩා විඩාබරව.ඇඟමැලි කඩමින් සයනයෙන් බැසගත් ඇය නානකාමරය වෙත ඇදුනේ දිය නෑමේ අදහසින්.උණුසුම් ජලයෙන් දිය නා ගත් ඇය කාමරයට පැමිණ දණිස්ස දක්වා වූ කෙටි කලසමකින් හා ටී ශර්ටයකින් සැරසී පැමිණියේ දුරකථනයට ආ ඇමතුමකට පිළිතුරු දෙන අතරතුරමයි.

"මුතූවෝ.."

"අහිංසා අක්කී...අම්මෝ හොර ගෙඩියා.නොකියම ආවා නේද?"

"සප්‍රායිස් කියන්නේ ඒවටනේ..ඉතින් කෙල්ල..කොහොමද?"

"හොඳින් ඉන්නවා අක්කී.සැලෝන් එකට යන්න නැතුව මේ අවුරුද්දම මාරම පාලුවෙන් උන්නේ..ඔයා දන්නවනේ ඉතින්"

"අර කෙරුව ඩිප් එක ඉවරයි නේද?ආයේ මාත් එක්ක ජොයින් වෙන්න බලන් ඉන්නවා හොඳේ"

"අනිවාර්‍යෙන්ම.ඔයා නිසාමයි මාත් මෙහෙ ඩිප්ලෝමා එක කළේ.ඒත් අක්කි සැලෝන් එක??"

මුතූ ඇහුවේ සැකයෙන්.අහිංසා ගියාට පසුව මාස කීපයක් එහි වැඩ කළේ අහිංසාගේ යාලුවෙක්.ඒ මුතූ එක්කමයි.නමුත් ඇයත් පසුව මඟින් නවතිද්දී අහිංසාගේ අදහසකින් එය වෙනත් අයෙකුට ඇගේ රූපලාවන්‍ය උපකරණ සමඟම විකුණා බාර දුන්නේ ඒවා තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා.අහිංසා සතුව දැන් තියෙන්නේ අත්‍යවශ්‍යම උපකරණ කීපයක් විතරයි.ආයෙමත් මුල ඉඳන් හැමදේම පටන් ගන්න සිද්ද වෙලා.මාධව නම් කිසිවක් නොකිව්වට දරපු පිරිවැය ගැන කේශව උන්නේ අහිංසා එක්ක කේන්තියෙන්.නමුත් අහිංසා ඉගෙන ගනිමින්ම ඉදිරි කටයුතු ඔක්කොම සැලසුම් කරගෙනත් ඉවරයි.මාධවගේ මාර්ගයෙන් බදුල්ල නගරයෙන්ම ගත් කුඩා ඉඩම් කැබැල්ලක ඇයගේම රූපලාවන්‍යාගාරයක් හදන්න සියල්ල සූදානම්.

"සැලෝන් එකත් සප්‍රයිස් එකක් තමා.ඉවසගෙන ඉන්නකෝ..වෙලාව ආවම කියන්නම්"

මේ කරගෙන යන වැඩේ තවම දන්නේ මාධව සහ අහිංසා පමණයි.කිසිවෙකුටත් ඇය මේ ගැන නොකිව්වේ නිවැසියන්ව පුදුම කරන්න ඕන නිසාමයි.මෙපමණ කාලයක් හම්බකරගත් මුදලින් ඇය පියවර කීපයක් තනියම තැබූ බව පෙන්නන්නයි ඇයට ඕන වුනේ.සහෝදරයන් සතුව කොපමණ මුදල් තිබුණද ගිරිරාජ් ඇය වෙනුවෙන් ඉතිරි කර තිබුනද අහිංසා ඒ සතයක්වත් වැය නොකර මදිපාඩුව බැංකුවකින් ගත් ණය මුදලකින් පියවගත්තා.මාධවගේ මාර්ගයෙන් ගත් ණය මුදල වූවත් දවසක ඇය ඔහුට පොලියත් එක්කම ගෙවන්න මාධවට පොරොන්දු දීලත් ඉවරයි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now