30

609 64 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️30 කොටස💜️

ඩීජේ සංගීතයට නිවි නිවී දැල්වෙන ආලෝක අතරින් අහිංසා නටන්නේ වටේ ඉන්නේ කවුද කියලවත් ගාණක් නැතිව.ඇයට ඕනේ රිද්දන්න.තමාගෙම හිතට රිද්දන්න.ඒ රිදුම් අතරින් සාරංගට රිදෙනවද බලන්න.හිතුවක්කාර හිතේ සීමා මායිම් බිඳින්න මත් බව උදව් දෙද්දී ඇය කිසිම චකිතයකින් තොරව සෙනඟ අතරට රිංඟා ගත්තේ ඒකයි.බීම වලට කලවම් කරලා තිබ්බ මත් පැන් වල බලපෑම නිසා ඇයට ඇයවම පාලනය කරගන්න බෑ.ඒ වෙලාවේ ඇගේ ඔලුවේ වැඩ කළේ ශාදිවයි සාරංග කෙල්ලන්ව වට කරන් උන්නු විදිය විතරමයි. තිහස් ඇගේ මේ හැසිරීම දිහා බලාගෙනම හිත යටින් හිනා වෙමින් ඇය අසලට එද්දීම ඔහුට පෙර ඉස්සර උනු සාරංග අහිංසාව ඇදලා ගත්තේ ආයෙත් කේන්තියක් හිත තුළ දලු දාගෙන එද්දී.

"අහ්.."

ඒ ඇද්ද පාර අහිංසා කකුල් පැටලිලා සාරංගගේ වතට තෙරපෙද්දී අඩවන් කරගත්ත දෑස් වලින් ඇය බැලුවේ සාරංග දිහාවේ.

"අතාරින්න..මට ඩාන්ස් කරන්න ඕනේ"

ඇය බලාපොරොත්තු උනෙත් සාරංගගේ පැමිණීමයි.කොච්චර වෙලා ඇයව ගණන් නොගෙන ඉන්නවද බලන්න කියලා හිතන් තමා අහිංසා එහෙම කළේ.මත් බව මුලු වතම වෙලා ගත්තත් හිතේ උන්නේ සාරංග විතරයි.

"උඹ මගෙන් මැරුම් කන්න ළඟයි අහිංසා"

කවදාවත් අහිංසාට එහෙම කතා කරලා නැති සාරංග උන්නේ ඇගේ මේ විකාර හැසිරීම ඉස්සරහා හොඳටම කේන්තියෙන්.අහිංසා ඒ වගක් ගණන් නොගෙන ඔහුගෙන් මිදෙන්න දඟලද්දී තිහස් ළඟට ආවේ මුකුත් නොදන්න ගාණට.

"අහිංසා..මොකද උනේ??"

තිහස් ඇහුවේ සාරංග ඉන්න බවක් දැක්කේ නෑ වගේ.

"මෙන්න මෙයා..මට..මට නටන්න දෙන්නෙ නෑ"

පොඩි එකෙක් ගතු කියන්නා වගේ අහිංසා කිව්වේ මූණත් බෙරි කරගෙන.ඒ වෙලාවේ තිහස් සාරංග දිහා බලද්දී සාරංග ඒ වෙද්දිත් ඔහු දිහා බලන් උන්නේ පණ පිටින් පුච්චන බැල්මකින්.

"අහිංසා..ඔයා ඩ්‍රින්ක්ස් ගත්තද?"

බොරු පුදුමයක් පෙන්නලා තිහස් අහද්දී අහිංසා හිනා උනේ පොඩි එකෙක් ගාණට.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now