28

550 56 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️28 කොටස💜️

අහිංසාගේ මැසේජ් එක දැකලා තිහස්ගේ මූණේ ඇදුනේ කුරිරු හිනාවක්.ඇය මේ වැඩේට කැමති වෙයි කියලා කිසිම වෙලාවක ඔහුට හිතුනේ නෑ.තිහස් හිතන් උන්නේ කවුරු හරි කෙල්ලෙක්ද හරි සෙට් කරගෙන පාටියට යන්න.ඒත් අහිංසා එවලා තිබ්බ පණිවිඩේ දැකලා තිහස් හිනා උනේ ඇයට දැල එලාගන්න ලැබිච්ච සතුටට.

'මොනා හිතිලා හිත වෙනස් උනාද දන්නේ නෑ.ඒ මොක උනත් මේ අවස්ථාව මං අතාරින්නෙ නෑ.සෝ සොරි සූරිය අන්කල්.ඔයා කොච්චර හොඳ කෙනෙක් උනත් මගෙ හිතට එක පාරක් හරි තරහවක් ගෙනාව කෙනෙක්ව මම අතාරින්නේ නෑ.අහිංසාගෙත් රැස් ටිකක් බස්සන්නම ඕනේ.මට පේන්න බෑ කට හැකර කෙල්ලන්ව'

තිහස් හිතුවේ අහිංසාට යැව්ව මැසේජ් ඩිලීට් කරන ගමන්.මේ කරන්න යන වැඩෙන් මොන දඬුවම හම්බුනත් බාරගන්න මට්ටමකයි තිහස් උන්නේ.

.....💜....... R I T H U S A K U R A .......💜️......

පහුවෙනිදා අහිංසා නැඟිට්ටේ සෑහෙන්න කම්මැලිකමකින්.සැලෝන් එකට යන්න හිත දුන්නෙම නෑ.දාගත්ත අපොයින්‍මන්ට්ස් මුකුත් තිබ්බෙත් නැති නිසා ඇගේ හිත කිව්වෙම සැලෝන් යන්න ඕනේ නෑ කියලා.ඒත් මුතූගෙන් එක දිගට කෝල් එද්දි අහිංසාට ඒවට පිළිතුරු නොදී ඉන්න බැරි උනා.

"අහිංසා අක්කී..එන්නේ නැද්ද?මම නිකී අයියා එක්ක උදේම ආවා"

"අනේ පැට්ටෝ දැනුයි ඇහැරුනේ.හොඳටම නින්ද ගියා"

ඒක ඇහුව මුතූට හිනාවක් යද්දී ඇය මූණ හරව ගත්තේ සාරංගට නොපෙනෙන්න.

"ආව්..ආව්..එක්කෙනෙක් රෑ වෙලා ඩිනර් එහෙම අරන් ප්‍රේම කුරුල්ලගෙ මූණ බලලා එහෙමනේ ආවේ.ඉතින් නින්ද යන්නෙ නැතිව ඇති..."

මුතූ හිනා වෙලා කිව්වට අහිංසාට දැනුණේ දුකක්.ඒ ශාදිව මතක් වෙලා.ඒ විතරක් නෙමේ ශාදි සාරංගට ළං වෙලා ආදරෙන් කතා කෙරුව හැටි,තෑගි දුන්නු හැටි ඇයට මැවි මැවි පෙනුනා.මුතූ මෙහෙම හිනා වෙලා කතා කරන්නේ ශාදිත් ඊයේ රෑ ආවා කියලා නොදැන.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now