37

666 60 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️37 කොටස💜️

"මම යන්නද එහෙනම් අම්මා ගාවට?"

කේශව ඒක අහුවේ විහිලුවෙන් නෙමේ කියලා චාන්‍යාට හොඳටම තේරුනා.ඒ හඬේ තිබ්බේ දුක්බර පාටක්.ඇය බොරු නෝක්කාඩුවක් පෙන්නලා එහෙම කිව්වට කේශව ඒ වචනෙ ඔච්චරටම හිතට ගනීවි කියලා ඇයට නිකමටවත් හිතුනේ නෑ.

"අනේ කේශව අයියේ...මං එහෙම..."

ඒත් කේශව ඇයට ඒ වාක්‍යය සම්පූර්ණ කරන්න ඉඩ නොදීම ඇගෙන් මිදුනා.ඇයට පිටුපාලා ඉවතට යන්න හදද්දිම කේශවගේ වෙනස දරාගන්න බැරිව චාන්‍යා බලෙන්ම වගේ ඔහුගේ බඳ වටා දෑත් යවා ඔහුව වැළඳගෙන දෑස් වසාගෙනම ඇගේ කම්මුලක් ඒ පිට මත තද කළා.

"අහකට වෙන්න චානු.වැඩ තියෙනවා කිව්වා නේද?"

කේශව හරි අසරණ හඬකින් එහෙම කිව්වට හිත ඇතුළෙන් නම් උන්නේ අත්පුඩි ගගහා.ඇගේ මුරණ්ඩුකම නැති කරන්න හොඳම ක්‍රමේ කේශව දැන් හොයාගෙන ඉවරයි.ඒකමයි ඇගෙන් වචනයක් වැරදුනු වහාම කේශව ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ.

"අනේ ඉතින්..මං ඒ කතාව හිතලා කිව්වේ නෑනේ..ඒ පාර ඔයා තරහා උනාද?"

ඇගේ හඬ හුරතල් වෙලා.බොරු නොරිස්සුමකින් පිරිලා.කේශව දෙතොල් එකට තද කරගත්තේ හිනාව පනිවී කියලා බයට.ඔහු ඇගෙන් මිදෙන්න දඟලන වාරයක් ගානේ චාන්‍යා කලේ ඔහුව තව තවත් තදින් බදාගත්ත එක.

"සමාව දෙන්නකෝ..ඔයත් ඉතින් වැරැද්දක්නේ කළේ.ඒකට මං සමාව දෙන්නම්...දැන් මටත් සමාව දෙන්න..ප්ලීස්..."

චාන්‍යා ඔහුව බදාගෙනම පැත්තෙන් එබිලා අහද්දි කේශව කළේ ඉස්සරහම බලන් උන්නු එක.ඔහුගේ නිහඬබව ඉස්සරහා චාන්‍යාගේ දෙනෙත් වලට කඳුලු පිරුණේ ඉබේටමයි.

"අම්මා ගාවට යන්න ඕනේ නම් තනියම යන්න එපා..මාවත් එක්කගෙනම යන්න.."

ඇය ඒ වචන මිමිණුවේ හිමීට.කේශවගේ හිත ඇය නිසා රිදුනා කියලා හිතාගෙන චාන්‍යා උන්නේ දුකෙන් උනාට කේශව උන්නේ හිත රිදවගෙන නෙමේ.හැබැයි චාන්‍යා දැන් කිව්ව දේට නම් කේශවගෙ හිතට මොනාද වෙලා ගියා.හිමීට ඇය දිහාට හැරුණු කේශව ඇය උන්නු විදියටම පපුවට තුරුළු කරගත්තේ අසීමිත සෙනෙහසක් ඇය ගැන දැනෙද්දී.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now