51

627 62 1
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️51 කොටස💜️

ප්‍රීතිමාලි සහ මතීෂ රැගත් වාහනය නැවත බදුල්ල බලා පිටත් වෙද්දී රාත්‍රී හතත් පසු වී තිබුනා.ඒ යන අතරතුර සාරංග බොහෝ විට උන්නේ කල්පනාවක.පැය කීපයකට පසු තේ පානය සඳහා රිය නතර වූයේ එකදිගට රිය පැදවීමෙන් ඇති වෙච්ච මහන්සියයි නිදිමතයි නැති කරගන්න.

"සුදූ කෝල් කරනවා එක දිගට..මං නිකමටවත් ඇඟෙව්වේ නෑ ඔයාලා එනවා කියලා..."

කේශව කිව්වේ චාන්‍යාගෙන් ආ ඇමතුමකට පිළිතුරු දුන්නායින් පස්සේ.

"අද එහෙනම් ඇඟේ ඇලි ඇලි ඉඳීවි.අද තනියම නිදාගනින් පුතෝ..."

මතීශ හයියෙන් හිනා උනේ කේශවගේ පිටට පාරකුත් ගහලා.ඒත් ප්‍රීතිමාලි නම් උන්නේ වෙනදට කටට නිවනක් නැති සාරංග නිහඬවම තේ පානය කරන දිහා බලන්.කවදාවත් නොදැක්ක වෙනසක් ඔහුගෙන් පේද්දි තමා දිහා කවුරුහරි බලන් ඉන්නවා වගේ යැයි දැනුනු සාරංග හිස ඔසවා බලද්දී ප්‍රීතිමාලි ඔහුට සිනහවක් පෑවා.

"පුතාට මහන්සි පාටයි"

එයට මුවපුරා සිනාවක් පෑව සාරංග මඳක් මේසෙට නැමුනා.

"මේ දවස් වල ටිකක් නිදිමැරුවා ස්වීටි..ඒකයි.."

වෙනසක් නොකර කතාබහේ යෙදුනු සාරංග ඊළඟ තප්පරේ නැවත නිහඬ වී දුරකථනය දෙස දෑස දල්වා බලන් ඉඳ්දී ප්‍රීතිමාලිට අමුත්තක් දැනුනත් එය අඟවන්න ගියේ නෑ.නැවත යන අතරතුර රියදුරු අසුනට බර උනු සාරංග රිය පැදවූයේ ලාවට ඇහෙන සංගීතයට සවන් දීගෙන.ගමන් මහන්සිය නිසා ප්‍රීතිමාලි මතීශගේ උරපත්තට හිස තබාගෙන නිදාගද්දී තරුණයන් තිදෙනා සුපුරුදු පරිදි කතා බහේ යෙදුනේ ගමනාන්තයට තව පැය කීපයක් ගත වෙන නිසා.රාත්‍රී එකොළහට පමණ සාරංග වත්තට වාහනය දැම්මේ ඒ වෙද්දිත් පියල් ගේට්ටුව අසල රැඳී එය විවර කරද්දී.වෙනදට මේ වෙද්දි අඩ අඳුරේ තියෙන නිවසේ තාමත් විදුලි පහන් දල්වා තිබුනේ ඔවුන් එනතුරුයි.ප්‍රීතිමාලි හා මතීශ නිවසට යද්දී පියල් ඔවුන්ගේ ගමන් මලු කීපය රැගෙන ඒමට රිය අසලම නතර උනා.මතීශගෙ කරටත් අත දාගෙන කේශව සිනාසෙමින් ගෙට ඇතුල් වෙද්දී සාරංග නම් තාමත් උන්නෙ රියදුරු අසුනට වෙලා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now