56

595 65 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️56 කොටස💜️

හැමෝගෙන්ම සමු අරන් මඟක් එනකන්ම අහිංසා සාරංග එක්ක කතාවට ගියේ නෑ.මුතූව ගන්න ඇය එනවයි කිව්ව හන්දියට වෙලා කාර් එක නතර කරන් උන්නු සාරංග මුතූට කෝල් එකක් ගත්තේ අහිංසා නිහඬවම පැත්තකට වෙලා බලන් ඉන්නැඳ්දි.

"මුතුවා..අපි හන්දියේ..ඔය ටික පයින් එනවද නැත්තම් ගෙදරට එන්නද?.....ආ..එහෙමද?....හා එහෙනම් ඉක්මනට එනවා.."

එහා පසින් මුතූ කියන දේවල් ඇහුනෙ නැතත් ඇය මොනාද කිව්වේ කියලා අහන්නවත් අහිංසාට උවමනාවක් තිබ්බෙ නෑ.ඇමතුම විසන්ධි කෙරුව සාරංග අහිංසා දිහාට බැල්මක් හෙලුවා.

"මුතුවා පයින් මඟක් ඇවිල්ලා.ඔය ටිකත් ඔහොමම එන්නම්ලු...විනාඩි දහයෙන් ඒවි"

හූ මිටියකින්වත් අහිංසා ප්‍රතිචාර නොදක්වද්දී සාරංගට හීන් හිනාවක් ඇදුනා.නෙතු බිමට හරවගෙන මූණත් රතු කරගෙන ඇය ඔරවන් ඉන්න විදියට සාරංගට හිතුනේම දෙවරක් නොහිතා ඇයව තම පපුවට හිරකරගන්න.ඒත් දැන් ඒ වගේ දෙයක් කළොත් අනිවාර්‍යෙන්ම ඇගෙන් ටොකු පාරක් හරි කන්න වෙන බව දන්න නිසාම සාරංග ඒ හැඟීම නවත්ත ගත්තේ අමාරුවෙන්.

"සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...."

ආසනයට හේත්තු වෙලා සාරංග හිමීට ගයන්නට වූයේ අහිංසා දෙතොල් පොට එකට තද කරගද්දි.ඔහු මේ හදන්නෙ ඇයව අවුස්සගන්න.දල්වන්න එපා ගිනි දැල් පද පෙළ ඔහු මුමුණන්නෙත් අනිත් ඒවට වඩා ටිකක් උස් හඬින්.සුක්කානමට අතින් ගගහා දෙවෙනි පාරටත් සාරංග ඒ පද පේළිය කියද්දි සඟවගෙන උන්නු හිනාව අහිංසාගේ මුවින් ගිලිහිලා ගියේ මෙච්චර වෙලා තිබ්බ තරහ නැති වෙලා යද්දි.

"ගිනිදැල් නිමුනද මැණිකගේ?"

සාරංග විහිලුවෙන් අහද්දි අහිංසා ඔහුගේ උරපත්තට ගහන් ගහන් ගියේ සාරංග ඇගේ අත් දෙක අල්ලගන්න උත්සාහ කරද්දි.

"එන්න එපා විහිලු කරගෙන?මගෙ වේදනාව ඔයාට ජෝක් එකක්ද??තරහයි සාරංග අයියේ...මං ඇත්තටම තරහයි..."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now