16

622 68 1
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️16 කොටස💜️

අහිංසා වේලාසනම පියල් එක්ක ගෙදර ගියේ සැලෝන් එකේ හැමදෙයක්ම බලලා.පොල්තෙල් පහනකුත් ලෑස්ති කරලා මුතූ එක්ක සරසලා කෑම මේසෙත් ඔක්කොම පිළිවෙලට සකසලා අහිංසා ගෙදර ගියේ සාරංගට වැඩිය මූණ දෙන්නෙවත් නැතිව.

"මේ රිබන් එක උදේට අලවමු.ඇතුළෙ ඔක්කොම ටික හදලා ඉවරයි නේද?"

සාරංග ඇහුවේ සැලෝන් එක ඇතුළ බලන ගමන්.කියන්න තරම් අඩුපාඩුවක් තිබ්බෙ නෑ.මුතූත් බලන් උන්නේ සාරංග එක්ක තනිවෙලා කතා කරන්න වෙලාවක් එනකන්.සැලෝන් එකයි ස්ටූඩියෝ එකයි වහගෙනම සාරංග එන ටිකට මුතූ කාර් එකට නැඟලත් ඉවරයි.සාරංග කාර් එකට නැඟලා ස්ටාට් කරද්දිම කෝල් එකක් ආවේ මිහිරානිගෙන්.

"හෙලෝ අම්මේ...ඇයි?නෑ...දැනුයි පිටත් වෙන්න හදන්නේ.ඔව් ඔව් මුතුවත් ඉන්නවා..."

සාරංග මිහිරානි එක්ක කතා කරනකන් මුතූ ඉවසන් උන්නේ පුදුම අමාරුවෙන්.

"ටවුන් එකට ගිහින් එමු.අම්මට බඩු වගයක් ගන්න තියෙනවා.ටවුන් එක පහු කරන්න කළින් කිව්ව එකම ලොකු දෙයක්"

සාරංග කියවන් ගියේ කාර් එක පාරට දාන ගමන්.සිංදුවක් මුමුණ මුමුණම සාරංග කාර් එක ගෙනියද්දී මුතූ බැලුවේ ඔහු දිහා.

"මේ..නිකී අයියේ"

"ම්ම්ම්ම්..."

ඔහු ඇහුවේ සිංදුවෙන්මයි.

"කවුද අර ඔයාට නිකේත් අයියේ කියලා හුරතලේට කතා කෙරුව කෙල්ල?ශාදි ද කවුද කියලා නමක් කිව්වේ......කවුද ඒ???ජී එෆ් ද?"

සාරංගට මුමුණපු සිංදුවත් අමතක උනා.ඔහු හිතුවේ අහිංසායි මුතූයි ඒ වෙලාවෙ මුකුත් ඇහුවේ නැති නිසා ඒ ගැන අමතක වෙලා ඇති කියලා.ඒත් ඉතින් කෙල්ලෙක්ට ඒ වගේ කාරණාවක් නම් අමතක වෙන්න විදියක් නෑ.සද්ද නැතිව ඉඳලා තියෙන්නේ වෙලාවට කලාවට මාතෘකාවට බහින්න තමා.

"කෙල්ල නෙමේ ඕයි.පිස්සුද?කෙල්ල නම් තමුසෙට නොකියා ඉන්නවද?"

"එහෙනම්???කතා කෙරුව විදියෙන්නම් එහෙම තමා හිතෙන්නේ"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now