4

940 74 3
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️4 කොටස💜️

සාරංග කේශවගේ නිවසට ආවේ ගිරිරාජ් එළිමහනට වී පොතක් කියවමින් ඉද්ඳි.කාර් එක සාරංගගේ කියලා අඳුනගත්ත ගිරිරාජ් පොත පැත්තකින් තියලා සිනාමුසු මුහුණින් බලන් උන්නේ සාරංග ඔහු දෙසට එන විදිය.

"අන්කල්..ඉතින් කොහොමද?"

සාරංග ඇසුවේ සුපුරුදු කටකාරකමෙන්මයි.

"හොඳින් ඉන්නවා පුතා.කොහෙ යන ගමන්ද"

"ගමනක් යන ගමන් මෙහෙට ඔලුව දාලා බලන්න හිතුනා.කේශව කෝල් කළාද?"

"හ්ම්ම්..උදේ කෝල් එකක් ගත්තා.හෙට එයි"

ගිරිරාජ්ගේ මුහුණේ තිබ්බේ වෙන කෙදිනකවත් නොවිච්ච සැනසීමක් කියලා සාරංගට හිතුනා.ඒ එක්කම ඔහුට මතක් උනේ අහිංසාව.

"මාත් ගත්තා.අපේ අම්මාගෙන් බර බරේ දෙන්නා ආව ගමන්ම කෑමකට එක්කන් එන්න කියලා.කෝ අන්කල් අහිංසා?"

"ඇතුළෙ.දවසම කම්මැලිකමේ එහෙට මෙහෙට යනවා දැක්කා"

අහිංසා මුණ ගැසීමේ අරමුණින් සාරංග ඇතුළට ගියේ අහිංසාට තව කාරණයක් මතක් කරන්නත් එක්ක.වෙනදා වගේ අහිංසා කියලා කෑ ගහන්න හදලත් කේශවගේ කාමරේ දිහායින් එන සද්ද බද්ද නිසා ඔහු එතනම නතර උනා.ඒ දිහාට අඩිය තිබ්බ සාරංග දැක්කේ කේශවගේ ඇඳුම් ඔක්කොම ඇඳට දාගෙන පිළිවෙලට නම නම ඉන්න අහිංසාව.සාරංග ඉන්නවා කියලවත් අහිංසා දන්නෙ නෑ.සාරංගත් ඇය කරන වැඩේ දිහා බලාගෙන උන්නේ අල්මාරිය ඇද්දට කේශව ආවම හොඳ ගුටියක් අහිංසාට ලැබෙයි කියලා හිතන ගමන්.

ඒ එක්කම අහිංසාට මොනම විදියකින් නොතේරෙන්න හිමීට අඩි තිය තිය සාරංග ඇය දෙසට ළං උනේ වෙනදා වගේම විහිලුවක් කරලා අහිංසාව බය කරන්න හිතාගෙන.අහිංසා අහිංසාගෙ පාඩුවෙ වැඩ.ඒ අතරෙ පැනපු ගමන් අහිංසාගෙ බඳ වටා අත් යවපු සාරංග ඇයව කිති කැව්වේ ඇය කිතිය දරාගන්න බැරිව හයියෙන් දඟලද්දී.ඇය අත තිබ්බ කේශවගේ කමිසයක් ඈතට විසික් වෙද්දී හිනා වේගෙනම අහිංසා සාරංගගේ පැත්තට හැරුනා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now