31

586 62 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️31 කොටස💜️

වෙලාව මධ්‍යම රාත්‍රියට කිට්ටුයි.එහි සිටි පිරිසෙන් දැන් අඩකටත් වඩා අඩු වෙලා.සාරංගගේ වැඩේ බාර අරන් කෙරුව රශාන් ඇමතුම් කීපයක් ගත්තත් ඔහු ඒ කිසිම කෝල් එකක් ආන්සර් කළේ නෑ.අහිංසා එක්ක සාරංග තාමත් කාමරේ කියලා හිතුණු රශාන් තිහස්ව හොයන් ගියේ මොකද උනේ බලන්න.ඒ වෙද්දිත් තිහස් යාලුවෝ එක්ක මධු විතෙන් සප්පායම් වෙමින් උන්නේ ඔවුන් සමඟ සතුටු සාමිචියක යෙදෙන ගමන්.ඈත තියාම කලබලෙන් එන රශාන්ව දැකලා තිහස් ඔහු දිහාට ළං උනා.

"මචං.උඹ තාමත් ගියේ නැද්ද?"

"නෑනේ අයියේ.සාරංග අයියා ආන්සර් කරන්නෙත් නෑ.මං මේ බලන් ඉන්නේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව"

තිහස් බොරු කනස්සල්ලක් පෑවේ රශාන්ට සැක නොහිතෙන්න.

"අඩේ මචං.මට අමතක උනානේ කියන්න.මීට පැයකට විතර කළින් මම ගිහින් ඇඳුමක් අරන් ආවා.අහිංසාවත් එක්කගෙන සාරංග දැන් පිටත් වෙලා පැයකටත් වැඩි.ඒ වෙලාවේ ඔයා ඩිනර් ගන්න ගමන් උන්නේ.ඔයාට බඩු ටිකත් අරගෙන එන්න කියලා ගියේ.අඩේ සොරි මචං.මට අමතක උනා කියන්න"

තිහස් කිව්ව දේ රශාන් විශ්වාස කළේ දෙවරක් නොහිතා.

"අහ් එහෙමද?කමක් නෑ.මං එහෙනම් එයාගේ බඩු ටික හෙට ගිහින් දෙන්නම්.මං ගිහින් එන්නම් අයියේ"

ඇත්තටම රශාන් උන්නේ ටිකක් මහන්සියෙන්.ඒ නිසා තිහස් කිව්ව දේ බොරුවක් කියලා හිතන්නවත් වෙලාවක් වෙන නොකර ඔහු සාරංගගේ කැමරා බඩු සියල්ල පැක් කරගෙන බයික් එකේ නැඟලා ගියේ ඔහුට ගෙදරට යන්නත් පැයකට එකහමාරකට වඩා යන නිසා.රශාන් ගියාට පස්සේ තිහස් කාමර සහිත කොරිඩෝව දෙස බලලා කට කොණකින් හිනාවක් නඟා ගත්තා.

"එහෙනම් අහිංසා කෙල්ල තව ටිකක් ආතල් එකේ ඉන්නකෝ.මං ඔයාගෙ ගේ පොඩ්ඩක් ගිනි තියලා එන්නම්..."

තමන්ටම මුමුණා ගත්ත තිහස් ගෙදර යන්න පිටත් උනේ සාදය ඉවර වෙන්න ළඟ නිසා.ගෙදර යද්දි වෙනදා වගේම බණ්ඩා ඔහු එනකන් පෙරමං බලන් උන්නේ ඔහු කොයි මොහොතක හරි එනවා කියලා දන්න නිසා.වෙනදා පාටියකට ගියාම හොඳ සිහියෙන් නොඑන තිහස් අද කෙළින් කටින් එද්දි බණ්ඩාට පුදුමයි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now