19

591 68 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️19 කොටස💜️

මුතූගේ ඇස් දෙක ගැස්සුනේ ඒ වීඩියෝ එකේ වෙන දේ දැකලා.සාරංගගේ ෆෝන් එකට එබුනු තප්පරේම ඇය එතනින් ඉවත් උනේ ලැජ්ජාවක් හිතට එද්දි.

"ඊයා හලෝ.දෙන්නා එකතු වෙලා මේවද බලන්නේ?"

ඒ වීඩියෝ එකේ කවුද ඉන්නේ කියලවත් බලන්නෙ නැතිව මුතූ කිව්වේ සාරංගගේ අතටත් පාරක් ගහලා.

"මොකක්ද මේකෙ තියෙන ඊයාව?කිස් කරන්නෙ නෑ.කරන්න හදනවා විතරයි.හැබැයි ඉතිරි ටික බලාගන්න විදියක් නෑනේ.අප්ලෝඩ් කෙරුව එකා ගානට ඕනම හරියෙන් කපලනේ..."

සාරංග කියද්දි අහිංසාට හිනාවක් ගියා.ඒත් මුතූ නම් කළේ රැව්ව එක.

"ඉන්නවකෝ නිකී අයියේ.මං ලොකු අම්මට කියනවා ඔයා කැත වීඩියෝ බලනවා කියලා"

මුතූ කිව්වේ තරවටුවක් කරන විදියට.ඒත් ඒකට නම් සාරංගට හිනාවක් ආවා.ඔහු මුතූගෙ කරට අත දැම්මේ ඒ හිනාවෙන්මයි.

"කැත වීඩියෝ කියන්නේ මේවට නම් නෙමේ නම්කී.ඒවට වෙනම සයිට් තියෙනවා.ඕනෙ නම් මං රියල් ඒවා ටිකක් තමුසෙට පෙන්නන්නම්...මොකද කියන්නේ??"

සාරංග විහිලුවට කියද්දි මුතූ කටත් ඇරන් බලන් උන්නේ පුදුමයෙන්.ඒත් ඊළඟ තප්පරේ මුතූ සාරංගට ගහගෙන ගහගෙන ගියේ ඒ කිව්ව කැත කතාවට.

"ඔයා මහ හොඳ නෑ නිකී අයියේ.නංගිට නේද ඕවා කියන්නේ ආ??"

"ඉතින් බං ඇත්තනේ කිව්වේ.උඹට කැත මේ වගේ සීපිං වීඩියෝනේ.ඒකයි නියම එකක් මං......."

"අනේ මේ..ඕනේ නෑ.මහ හොඳ නෑ..මං යනවා..එන එකයි ඇත්තේ...බූරුවා"

මුතූ කන් දෙකත් වහගෙන කියව කියව ඉක්මනට බඩු ටික අරගෙන පහළට ගියේ සාරංග හිනා වෙද්දී.ඇය ගස්සගෙන යන දිහා බලන් උන්නු සාරංග ඊළඟට හැරුනේ අහිංසා දිහාවේ.ඒ වෙද්දිත් අහිංසා උන්නේ ඔහු දිහාම බලන්.

"මොකෝ තමුසේ???ඔරිජිනල් එකක් බලන්න ඕන වෙලාද?"

සාරංග අහද්දි අහිංසාගෙ මූණ රතු උනේ කේන්තියෙන්.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now