52

590 64 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️52 කොටස💜️

"ඔ..ඔයා...?"

අහිංසා කතා කළේ බයෙන් වගේ.රදීශගෙ මූණෙ හිනා පොදක් නෑ.ඒ නැතත් අහිංසාට මතක් උනේම අනතුර සිද්ද වෙච්ච දවසේ ඔහු හැසිරුනු විදිය.ඔහුගේ තියුණු බැල්මට දැනුනු අපහසුතාවයටම අහිංසා අත රැඳි බෑගය තද කරලා අල්ල ගත්තේ හිත චකිතයෙන් පිරිලා යද්දි.

"මම තමයි..මේ දොර අරිනවද ඇතුළට යන්න?"

හරියට ඔහු සිටින්නේ ඔහුගේ දේපලක වගේ අණ දෙද්දි අහිංසාට දැනුනේ නිම්හිම් නැති කෝපයක්.

"මේ මිස්ටර් රදීශ ජයසිංහ..මේ සැලෝන් එක මගේ.මං දොර අරින්නේ මට ඕන වෙලාවට..තමුන්ට කැමති නම් ඇති තරම් වෙලාවක් එළියට වෙලා හිටන් ඉන්නවා"

අහිංසා තරමක දැඬි හඬකින් කියද්දි ඇය දෙසට අවඥා සහගත බැල්මක් හෙලුව රදීශ එක්වරම ඇගේ කරෙහි වූ කුඩා අත් බෑගය ඇද්දේ අහිංසා කලබල වෙද්දී.

"ඒ...යි...ඔය මොකද කරන්නේ?මෙහෙ දෙනවා මගෙ බෑග් එක...."

කෙතරම් කෑ ගැහුවද අහිංසා ඔහු අසලට ළං නොවූයේ හිතට බයකුත් දැනෙද්දි.තරමක් උස තරුණයෙකු වූ රදීශ ඇයව මායිම් නොකර යතුර සොයාගෙන බෑගය අහිංසා දෙසට විසි කලා.තුශ්නිම්භූතව බලා සිටි අහිංසා කරන්න දෙයක් හිතාගන්න බැරි වෙද්දී රදීශ සැලෝන් එක විවර කර ඇතුළට ගියේ අහිංසා දොරකඩම ගල් ගැසී මෙන් බලා ඉද්දී.ඇය දෙසට නැවතත් ඔච්චම් සිනාවක් පෑ ඔහු ඇයට පෙනෙන ලෙසම ඉදිරියෙන්ම වූ සෙටියේ වාඩි වූයේ ඔහුව කිසිම විදයකින්වත් එළවන්න වෙන්නෙ නෑ කියලා අහිංසාට වැටහෙද්දී.

"මට මුලු දවසම මෙතන ඉන්න බෑ.ඇතුළට එනවා.වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා"

ඇගේ ප්‍රමාදය හමුවේ උරණ වූ රදීශ උස් හඬින් කියද්දී අහිංසා අඩියට දෙකට ඇතුළට පැමිණ ඔහු ඉදිරියෙන් සිටගත්තේ අත් දෙකත් බැඳගෙන.

"මේ අහන්න රදීශ...එදා මං..ඒ ඇක්සිඩන්ට් එක කළේ හිතාමතා නෙමේ.ඔයා වැරදි පැත්තට සිග්නල් දැම්ම නිසා වෙච්ච දෙයක් ඒක.ඔයා..මෙහෙම ඇමතිතුමාගෙ හයිය අරගෙන මේ විදියට..මට බලපෑම් කරනවට මම ආසා නෑ..ප්ලීස්..ඔ..ඔයා හිතන..විදියේ..කිසිම..දෙයක් වෙන්නෙ නෑ..මෙතනින් යන්න..."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now