65

548 71 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️65 කොටස💜️

වේලාසන නිවසට පැමිණි කේශව ඇඳුම් මාරු කරගනිද්දී චාන්‍යා උන්නේ කුඩා ගමන් මල්ල සකස් කරමින්.දින දෙකක ගමනක් නිසා කේශවට කෙසේ වෙතත් චාන්‍යාට නම් සැලකිය යුතු ප්‍රමාණෙක ඇඳුම් අවශ්‍ය උනා.

"පදිංචි වෙන්න යන්නෙ නෑ චානු..ඔය බෑග් එකට ඔච්චර මොනාද දාගන්නේ?"

කේශව ඇහුවේ ඇය අල්මාරියෙන් තවත් ඇඳුමක් ගද්දී.

"ඔයාලට වගේද අනේ අපිට??උඩටයි යටටයි ජාති කීයක්ද?අනික ඔයාගේ ට්‍රව්සර් දෙකටයි ශෝට්ස් ටිකටමයි බෑග් එකෙන් බාගයක්ම ගිහින්..."

කේශවට දොස් කියමින්ම චාන්‍යා බෑගය අස් කර තුවාය අතට ගත්තේ තවත් පරක්කු උනොත් කේශව පරල වෙන නිසා.ඇය ඉක්මනට නාගෙන කාමරයට පැමිණෙද්දී කේශව කාමරේ උන්නේ නෑ.නමුත් ඇගේ අවධානය යොමු උනේ ඇඳ මතින් තියලා තිබ්බ ඇඳුමක් වෙතට.කුතුහලයෙන් ඒ වෙතට ළං වත්ම ඇය ඒ ඇඳුම අඳුනගත්තා.ඒ තිබුනේ සාරියක්.හරියටම කිව්වොත් චාන්‍යා මේ නිවසට ආ අලුත ඇඳ බැලූ කේශවගේ මවගේ සාරිය.එදින ඇය කේශවගෙන් බැනුම් අහපු හැටි අද වගේ ඇයට මතකයි.ඒ සිනිඳු සාරිය අතට ගත් චාන්‍යා එය අතගෑවේ ආසාවෙන්.ඒ සමඟම ඇඳ මත තිබූ දුරකථනය නාද වූයෙන් ඇය එයා අතට අරන් බැලුවේ සාරිය තුරුලු කරගෙනමයි.ඇමතුම කේශවගෙන්.

"හෙ..ලෝ..."

"වොශ් දාලා ඉවරයි නේ?"

"ඔව්..."

"ඇඳ උඩ තිබ්බ දේ දැක්කනේ...?"

"ඔව්...ඒත් ඇයි ඒක?"

"ගියාම කියන්නම්.මම ජැකට් එකක් තෝරලා තිබ්බා.ඉයර් රින්ග් දෙකකුත් තිබ්බා.ඇඳන් එන්න"

චාන්‍යාව තව තවත් පුදුමයට පත් කරමින් කේශව ඇමතුම විසන්දි කරද්දී ඇය ඔහු විසින් ඇඳ මත තබා තිබූ රෝස් ගෝල්ඩ් සාරි හැට්ටය සහ චාම් කරාබු යුගල දෙස බලන් උන්නේ ඔහුගේ හිතේ වැඩ කරන දේ හිතාගන්න බැරිව.

අන්තිම කරාබුව සවනතට පැළඳගත් චාන්‍යා බලන් උන්නේ ඇගේම රුව දිහා.සාරියට ගැළපෙන්නම ඔහු ඇගේම සාරි හැට්ටයක් සහ කරාබු යුගල අපූරුවට ගළපලා තිබ්බා.එයටම ගැලපෙන්න ලා පැහැති තොල් ආලේපනයක් පෙනෙන නොපෙනෙන ලෙස ගල්වාගෙන වේලාගත් දිගු කොණ්ඩය අත් රහිත හැට්ටයෙන් පේන අත් බාහුවක් වැහෙන සේ දමාගත් චාන්‍යා සිය දුරකථනය රැගෙන කාමරයෙන් එළියට ගියේ පොඩි චකිතයකුත් එක්කමයි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now