46

636 67 2
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️46 කොටස💜️

වාහනේ ගේට්ටුවෙන් ඇතුළට දාද්දි අහිංසා බලන් උන්නේ ඒ ආවේ කවුද කියලා අඳුනගත්තෙ නැති නිසා.ඒත් වාහනෙන් බැස්ස කෙනාව දැකලා ඇයගෙ ඇස් ගියේ නළලට.ඔව්.ඒ ඇවිල්ලා උන්නේ ජයසිංහ ඇමතිතුමා සහ ඔහුගේ පුතා රදීශ.ගිරිරාජ් උන්නු තැනින් නැඟිට්ටේ පුදුමයක් සමඟින්.නිවසට ඒවි කියලා බලාපොරොත්තුවක අංශු මාත්‍රයක්වත් නොතිබුණු ඔහුව දැකුමෙන් ගිරිරාජ් උන්නේ මඳක් කැළඹිලා.අහිංසා නම් ඇයව දකින්න කළින් ගේ ඇතුළට දිව්වේ චාන්‍යාවයි කේශවවයි හොයාගෙන.රදීශ වාහනයෙන් බැහැලා අව් කණ්ණාඩිය ගලවලා බලන් උන්නේ නිවස දිහාවෙමයි.දුවන් යන අහිංසාගේ ඡායාවක් ඔහු ලාවට දැක්කා.ඔවුන්ගේ රථය පිටුපසින් ආ අනිත් රථයෙන් බැසගත් ආරක්ෂක නිළධාරින් සිව් දෙනා ගේට්ටුව අසලින් රැඳෙද්දී ජයසිංහ ඇමති ගිරිරාජ් දෙසට ආවේ සිනහවක්ද සමඟින්.

"මිස්ටර් ජයසිංහ...ඔබතුමා මෙහේ?"

ගිරිරාජ් නැඟිට අහද්දි ජයසිංහ ඇමති බැලුවේ රදීශ දිහා.

"මිස්ටර් සූරියබණ්ඩාර එක්ක පුද්ගලිකව කතා කරන්න හිතුනා.ඔබතුමා දන්නවනේ අපේ පුතා කෙරුව වැඩේ කොච්චර බරපතලයිද කියලා?මම ඒකමයි පුතාවත් එක්කගෙන මෙහෙට ආවේ"

දේශපාලනය සහ දේශපාලඥයින් ගැන පැහැදීමක් නොමැති වුවද ගිරිරාජ් ඒ බව නොඅඟවා මඳ සිනහවක් පෑවා.රදීශ නම් සිටියේ කේන්තියෙන්.ඔහුගේ මුවේ කිසිම ප්‍රසන්න බවක් නම් තිබුනේ නෑ.

"පණිවිඩයක් දුන්නා නම් මම එනවා.ඔබතුමාගේ කාලය අපරාදේ.."

"ඕක මොකක්ද සූරියබණ්ඩාර..අපි කාලයක් ළඟින් ආශ්‍රය කෙරුව අයනේ..."

ගිරිරාජ් ඔවුන්ට නිවස තුළට ආරාධනා කරද්දී රදීශ සිටියේ උඩඟුකමින් කිසිවෙකුවත් ගණන් නොගෙන.මෙහි පැමිණීම ප්‍රතික්ශේප කරමින් ඔහු නිවස දෙක කරද්දී ජයසිංහ ඔහුව කැඳවාගෙන ආවේ බලෙන්.ගිරිරාජ් වැනි අයෙක්ව තරහා ගස්සාගැනීම මේ ඡන්ද සමයේ නොකළ යුතු දෙයක් බව වැටහුනු නිසාම නෙමේ කාලයක් ඔහු සමඟ කිට්ටුවෙන් ඇසුරු කෙරුව නිසාම පුද්ගලිකව පැමිණ සමාව ගැනීම නුවණට හුරු බව ඔහුට වැටහුනා.ඔවුන් ආලින්දයට යද්දිත් කේශව පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන ආලින්දයට ආවේ ජයසිංහගේ පැමිණීම ගැන සැකයක් මතු වෙද්දී.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now