76

538 61 0
                                    

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️76 කොටස💜️

සීතල උදෑසනම අහිංසා ඇතුළු පිරිස මහනුවර බලා පිටත් වුනේ පාන්දරම සිටන් සකස් කරගත් කිරි ආහාර පූජාවත් රැගෙනයි.ලද අවස්ථාවෙන් චාන්‍යාත් වෙනදට වඩා පේවී ලෑස්ති වුනේ සිය දරුවා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ගොඩක් දේවල් හිතේ පොඳි බැඳෙද්දි.දස දෙනෙකුට පමණ යා හැකි වෑන් රථය පියල් ගෙන යද්දී ඉදිරියෙන්ම වාඩි වුනේ කේශව.අහිංසාත් චාන්‍යාත් පළමු ආසනයෙන් වාඩිවුනා.මුතූගේ නිවස ආසන්නයට එද්දී කේශව දුර තියාම තිහස්ගේ කාරය අඳුනගත්තා.

"මේකත් ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වා වගේ ඊයේ ඉඳන්ම මෙහෙ නතර වෙලාද කොහෙද"

කියූ පරිදිම තිහස් කළින් දවසේ රාත්‍රියේම මුතූගේ නිවසේ නතර උනේ එකම තැනින් ගමනට එකතු වෙන්න ලේසි නිසා.මිහිරිගෙන් සහ සිසිරගෙන් සමුගත් මුතූ හා තිහස් වාහනය අසලට එද්දීම කේශව තිහස් දිහාට හෙලුවේ අමුතු හිනාවක්.

"උඹත් ඉතින් ලද අවස්ථාවෙන් නියමෙට ප්‍රයෝජනේ ගන්නවා නේද?"

මුතූ සිහින් සිනාවක් සමඟින් වෑන් රථයට නැඟ ගද්දි තිහස් කේශව සිටි දෙසට බර වුනා.

"කිසිම ප්‍රයෝජනයක් ගන්න උනේ නෑ බං අයියේ..යාන්තමට කම්මුලට කිස් එකක් දීගත්තා..අර දෙන්නා සී අයි ඩී එකෙන් වගේනේ..පස්සෙන්මයි"

රහසින් මෙන් තිහස් මුමුණද්දි කේශව හයියෙන් හිනාඋනා.

"ඔය කසාඳ බැඳපු නැති නෑඹුල් ජෝඩුවට පිටුපසම ආසනයට යන්න ඉඩ දෙන්න...තිහස්ට රෑ නතර වුනු එකෙන් වාසියක් වෙලා නෑ කිය කිය නාහෙන් අඬනවා..."

කේශව කෑ ගහලා කිව්වේ මුතූ තිහස්ට බනිනවා ඇහෙද්දි.තිහස් මුතූගේ එහාපසින් වාඩි වුනේ ලැජ්ජාවෙන් මුමුණන මුතූගේ මූණ දිහා බලාගෙනමයි.

"චි අනේ..ඔයා මොනාද කේශ් අයියට කිව්වේ??මහ නරකයි අයියේ ඔයා..ඉත්තෑවා.."

දෙදෙනාගේ රණ්ඩුවට අහිංසා ද චාන්‍යා සමඟින් හිනා වෙද්දි වාහනය හිමීට ඉදිරියට ඇදුනා.අහිංසා බලාපොරොත්තු උනේ සාරංගව උනත් ඔහුව මඟින් නග්ගගන්න පාටක් තිබ්බෙ නෑ.ඇත්තටම අහිංසා තවටත් දන්නෙ නෑ සාරංග ඔවුන් සමඟ එනවද නැද්ද කියලවත්.චාන්‍යා ඒ ගැන ඔහුට මතක් කළ බවක්වත් ඇය දන්නෙ නෑ.ඒත් හිතේ කොණක තිබ්බා එකම එක වතාවක් ඔහු එක්ක මාළිඟාවට යන්න.රටින් පිට වෙන්න කළින් ඔහු එක්ක එකම එක දවසක් නිදහසේ ගත කරන්න.කතා නොකර හෝ ඈතට වෙලා ඒ මුහුණ රස විඳින්න.ඒත් ඒ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමින් වාහනය බදුලු නගරයත් පසුකරගෙන යද්දී අහිංසා වේදනාවෙන් දෙනෙත් පියාගත්තා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now