01-පළිඟු දිගහැරුම ♡

5.4K 292 122
                                    

වාරයක් ඉවර වුනාම ලැබෙන නිවාඩුවෙන් පස්සේ ලැබෙන පාසල් වාරයේ පළවෙනි දවස කියලා එකක් නම් මේ පාසලේ තියෙන දෙයක් නෙවේ විශේශයෙන් ප්‍රිෆෙක්ට් බෝඩ් එක දැන් ඉන්නේ පුක කැඩිච්ච කඩි ගානට මේ තමා අවුරුද්දේ මුල්ම පාසල් දිනය ඒත් එක්කම රාජකීයන් අවුරුදු හතක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දවසක් අද ඇවිල්ලා තිබ්බා

ඒතමා අවුරුදු හතක් තිස්සේ ඒකාධිපති පාලනයක් පාසලේ අරන් ගිය විදුහල්පති එහෙමත් නැත්තං  රාජකීයන්ගේ රාජකීය භාශාවෙන් කියනවන් වට කෙස් මැද හිස් බඩ තඩි තට්ට පිනාගේ නික්ම යාමත් නව විදුහල්පතිතුමාගේ සම්ප්‍රාප්තියත් යන උත්සව දෙකම අද දවසට යෙදිලා තියෙනවා

විශ්වාස කරන්න මුලු ඉස්කෝලේම සහකාර විදුහල්පතිවරු , අංශ ප්‍රධාන ගුරුවරු , ශ්‍රේණි ප්‍රධාන ගුරුවරු , ගුරුවරු , ශිෂ්‍ය නායකයෝ විතරක් නම් කමක් නෑ කියමුකො අනද්‍යයන කාර්‍ය මන්ඩලයේ ඉඳන් ටොයිලට් හෝදන නැනී ගාවට වෙනකන්ම හිටපු හැමෝම අද සමරන්න වටින දවසක් ඒ තරමට මේ විදුහල්පති තුමා ඔහ් සමාවෙන්න හිටපු විදුහල්පතිතුමා හැමෝටම කරදරයක් උනා

"රොනාල් රොනාල් රොනාල් !!"

"මොකද බං ?"

"අනේ පොඩ්ඩක් බලපන්කෝ අර කොඩි ටික මම ප්‍රයිමරයේ පොඩි ඇටයො ටික ග්‍රවුන්ඩ් එකට එක්ක එන්න යන්න ඕන "

"හරි මං ඒක බලන්නම් උඹ ප්‍රයිමරියේ වැඩ ටික කරගනිම් "

මුලු ඉස්කෝලෙම කඩි ගුල වගේ ඇවිස්සිලා නිල්පාට කෝට් ඇදගෙන නිල් කහ මාරුවෙන් මාරුවට වැටිච්ච ඉරි ගියපු ටයි දාගෙන හිටපු ප්‍රිෆෙක්ට්ලා හැම තැනම විසිරිලා

හතර පැත්තෙන්ම පේළියට ඇදෙන පිරිමි ළමයි එක පෙළට හිටගන්නකොට අහස අල්ලන්න වගේ තියෙන බිල්ඩින් එකක උඩට නැගලා බැලුවනම් අම්මපා පුදුම හිතෙනවා එක පේළියට ඉන්න ලමයින්ව වගේම ඕපන් ස්ටේජ් එක ඉස්සරහා ඉන්න ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ගැම්ම දැක්කා නම්

හරි ඔක්කොටම හපන් ජාතික කොඩිය ඉස්සරහා හිටන් ඉන්න රාජකීයන්ගේ හෙඩ් ප්‍රිෆෙක්ට් ටවීශ්

ඊට අඩියක් පිටි පස්සෙන් පාසල් කොඩිය ඉස්සරහා හිටන් ඉන්න ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් රොනාල් වගේම බෞද්ධ කොඩිය ඉස්සරහා හිටන් ඉන්න ජොඑල්

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now