"අහ්හ්හ් මේ මිනිහා තාම නෑ නේ යකෝ "
ඔයාලට කියන්න මම දැන් ක්ලබ් එකට ඇවිල්ලා පැයකටත් වැඩි මේ මිනිහා නෑනේ තාම .... ඇත්තමයි මේ බිලාල කුලයේ සත්ත්වයා ...... මගේ ලේ කෝප කරන්නමයි ඉපදිලා ඉන්නේ ...
ඔව් මම මේ ඉන්නේ ජොඑලාගේ බැචලේ පාටියේ ඌ නම් ඉන්නවා කොනක් බදාගෙන ඉඳගෙන .... මම සොෆ්ට් ඩ්‍රින්ක් එකක් වත් කටේ ගැහුවේ නෑ ආවත් හරි ... මොකද දවසක් බීලා කොරපු හරියට දවස් තුනක් කොන්දේ අමාරුව තිබ්බා අපරාදේ කියන්න බෑ
"අඩෝ බොක බොක්ක "
"මොන බොක කිව්වා "
මම ගැස්සිලා ගිහින් මනෝපාරෙන් එළියට ආවේ ඉස්කෝලේ ඉන්නකන් මගේ ගෑනි වෙච්ච සහනා කොන්දට ගහපු පාරට ...ටෞකන්ඩ රිදෙනවා වුට්ටෝ යකඩ කියලද හිතාගෙන ඉන්නේ බේසික් පුටාලා ඔක්කොම කොන්දටමයි කෙලින්නේ
සහනාගේ බෙල්ල කනවා කියලා හිතාගෙන ටූත් පික් එකක් හපාගෙන හපාගෙන ගිය මම ඒ කෑලි ටික සහනාගේ ඇගට තූ දැම්මා ...
"ඒව්ව් පගෝ තෝ මහ අසමජ්ජාතියෙක් "
"අනේ පල පල යන්න "
"මේ ඒක නෙමේ රොනා නුරායු මොකද බං අර "
"මම දන්නෑ බං ඌ සෑහෙන්න විහින් විනාස වෙනවා දැන් මාස තුනක විතර ඉඳන් "
මම මගේ කොන්ඩේ අස්සෙන් ඇගිලි යවන ගමන් සහනාගේ පැත්තට බර වුනේ හරි හිස් හැගීමකින් .... අපි හරි ඉක්මනට ලොකු උනා කියලා පෙන්නන්න වගේ අදත් නුරායු තනි බකාඩි බෝතලයක් කටේ තියන්ම ගහනවා ...
"හැමදාම පොඩියට ඉන්න පුලුවන්නම් කියලා හිතෙනවා බං "
ඇත්ත දැන් දැන් ඉස්කෝලේ ඉදපු කාලේ ගත්ත ආතල් මට නොසෑහෙන්න මිස් වෙනවා ...ඒ අතීතේ හිනාවෙලා හිටපු අපි අද එක එක පාරවල් වල කටු කාගෙන ජීවත් වෙන්න පටන් අරන් තියෙනවා
"මම තාමත් හොයනවා බං නුරාට මොකද උනේ කියලා "
"අනේ මන්දා වුට්ටෝ "
"මට මහා අසාර්ථක හැඟීමක් දැනෙනවා "
සහානා මගේ පිටටත් තට්ටුවක් දාලා ගිහින් යුගීශයගෙද කොහෙද ඇගේ එල්ලුනේ ආරු ඇවිල්ලා තලපතා පොලේ ගැහුවා වගේ මම ඉඳන් හිටිය සෝෆා කට වැටුනා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...