88- පළිඟු දිඟහැරුම ♡

872 99 328
                                    

"දැන් කවදටද රිසාල්ට් එනවා කියන්නේ "

"මම දන්නෑ ඩෑඩ් තවත් මාසෙකින් කල් ගියානේ රිසාල්ට් අවුට් වෙන එක "

"එහෙනම් ඔක්ටෝබර් වල රිසාල්ට් අවුට්වෙයි නේද රිචඩ් "

ඩෑඩ්ට තුරුලු වෙලා ඉන්න මගේ ඔලුවත් අත ගාගෙනම මාම් පුටු ඇන්ද උඩින් ඉදගත්තා

අම්මෝ ඉතින් ඒ දෙන්නගේ ලව් එක මාම් පුටුවෙන් ඉදගත්තත් හරි ඩෑඩ් එයාගේ ඉන වටේට අතකුත් ඔතලා එයාගේ පැත්තට බර කරගත්තා ..

දැන් මෙතන වෙන්නේ මොකක්ද කිව්වොත් ඇත්ත වසයෙන්ම වෙන්නේ සැප්තෑම්බර් මස අට වෙනි සදු දින උදේ පාන්දර පත්තරේ විස්තරේ බලන එක ...

මිනාගි අක්කානම් එයාගේ කැම්පස් සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ... ඔය අස්සේ මොන මගුලකට හරි අපේ අක්කට මල පැනලා ඊයේ උදේ කෝල් කරලා මිනාගි අක්කට බැනලා .. ඒකේ අපේ මාම් අහන් ඉදලා .....අන්තිමට මාම්ගෙන් ගුටිත් කාලා එයත් ඊයේ ගියා ගියාමයි අද වෙනතුරිත් එයා නෑ ගෙදර ....

එතකොට අපේ හැල අයියන්ඩිගේ පවුල් විස්තර කිව්වොත් මිනිහා දැන් තාත්තෙක් වෙන්න යනවා කියන එක ඇගටම අරන් සෑහෙන්න වෙහෙසෙනවා ... අක්කගේ බඩට මාස හයයි නේ ..... තාම ස්කෑන් කරලා නම් නෑ රෝස මලක්ද නැත්තං පුංචි පැන්ඩෙක්ද කියලා නම්

එතකොට ඒශ්ව ගත්තොත් නම් මිනිහා දැන් කතුර වගේ කියවනවා කියවනවා ඉවරයක් නෑ ... සෝෆීත් වචන අහුලනවා ... ඒශ් නම් ඉන්නෙම මාත් එක්ක වෙනකොට සොෆී කවදත් මිනාගි අක්කගේ අතටම රෝල් වෙන එක පිරුද්දකට තියාගත්තා ...

දන්න තරමින්නම් ඔක්තෝම්බර් අට අපේ රිසාල්ට්ස් එනවා  ඔක්තෝම්බර් දහය වෙනකොට ටවියගේ කිරි කෑල්ලට A/L  පටන් ගන්නවා ... මිනිහා නම් සෑහෙන්න බය වෙලා ඉන්නේ මිනාගි අක්කා නම් ප්‍රයිවට් ගෙන්නගෙනත් එයාට කියලා දුන්නා ...

"බබා මොනාද ෆියුචර් ප්ලෑන්ස් ?"

"නොවෙම්බර් වල මට මීඩියා ඩිග්‍රි එක ලැබෙනවනේ ඩෑඩ් ... රිසාල්ට් බලලා මැනේජ්මන්ට් යනවා "

"ම්ම්ම් ගුඩ් ... කොහොමද අයිඩියා එකක් තියෙනවද ඔයා කම්පැනීස් වලට ජොයින් වෙනවද නැත්තම් අලුතින්ම දෙයක් පටන් ගන්නවද ?"

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now