67- පළිඟු දිඟහැරුම ♡

791 109 359
                                    

"මොකක්ද ප්ලෑන් එක "

"අපේ එකාට කියන්න අංකල් ප්‍රොජෙක්ට් ෆයිල් එක උඩට අදින්න කියලා "

"ම්ම්ම් ඊට පස්සේ "

"නිකන් හිතන්නකෝ සීයට පහළොවක් කොමිස් එකක් වෙනුවෙන් ඌ ඔය කුණු කන්ද රටට ගෙන්නනවා ඒ කුණු ඔක්කොම යන්නේ සිංහරාජ රක්ශිතේට ..... ඔන්න එලි බහිනවා පරිසර ආරක්ශන කමිටුවයි, වනාන්තර සංරක්ශන එකයි , පරිසර කමිටු ටිකයි අරකයි මේකයි ඒ අස්සේ අපේ එකා ඇතුලින් පොහොර ටෙන්ඩර් එක ගානට ක්ලෝස් කරනවා .... මොකද වෙන්නේ අංකල් ම්ම්ම් ..."

"ගොවියෝ ඔක්කොම පාරට බහිනවා "

"දැට්ස් රයිට් රටෙන් තුනෙන් එකක්  පාරේ කියන්නේ අපිට ඒ අස්සේ හරි පරිස්සමට අදින්න වැඩ එකතු වෙනවා කියන එක ඔන්න එකපාරටම පාස්කු ඉරිදා බෝම්බේ ඇදුනම කොහොමද ?"

"වාව් වාව් උබ යක්ශයෙක් දුව ....."

යුධ හමුදාපති තුමා තමන්ගේ ඉස්සරහා ඉඳගෙන අතේ තියෙන මුද්දක් කරකව කරකව ඉන්න රෙහානාගේ උරහිසට තට්ටුවක් දැම්මේ හර්ද්‍යාංගම හිනාවක් මූනට අරන්

"මම යක්ශයෙක් විශේෂෙන් අනුරාධට ... ඒකත් හේතු දෙකක් උඩ ... එකක් ඌ අත තිබ්බේ මගේ පවුලට .. මගේ ජීවිතේට අත තියපන් .... මම හම් සද්ද කරන්නෑ ඒත් මගේ පවුලට අත තියන්න ගිහින් ඌ විහින් උගේ වලට යන පාර කපාගත්තේ අංකල් .... එතකොට අනික් හේතුව මේක මගේ රාජකාරිය "

"අමතක කරන්න එපා දුව අපි හැම වෙලේම මේ ගේම් එකේ ඉන්නවා කියන එක "

"අනිවාරෙන්ම "

"එයාට නැති උනේ එයාගේ ඒ කාලේ මුලු ලෝකේ අපි දෙන්නට නැති උනේ අපි දෙන්නගෙම හොඳම යාලුවා ... ඉතින් දුව රාජකාරිමය වශයෙන් ඔයාගේ රාජකාරිය නොවිසිදි වැහිලා ගියපු හැම හිඩසක්ම ආයෙම විසදලා වහලා දාන එක රාජකාරි වශයෙන් හෝ නැතා හෝ අපේ රාජකාරිය ඔයාට උදව් වෙන එක "

"ඔව් අනිවාරෙන්ම... මම හිතන්නේ කාලේ හරි අගමැති තුමාව කන්ටැක්ට් කර ගන්න "

"මම හිතන්නෑ මිනිහා අපිට සෙට් වෙයි කියලා "

"එහෙනම් අංකල් ඒක අපි සෙට්ල් කරන්න මල්ලිට දෙන එක තමා හොදම "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now