07-පළිඟු දිගහැරුම ♡

1.3K 193 88
                                    

මං පරක්කුද ?"

"නෑ අද උබේ හොදටද මන්දා සර් කාරයා පරක්කුයි !"

උදේ පාන්දර නැගිටින්නේ නැතිව පරක්කු වෙලා නැගිට්ට රොනාල්ට හික් ගෑවුනේ ඔරලෝසුවේ තිබ්බ වෙලාවයි ටවීශ්ගෙන් කුනුහරපෙන් බැනලා එවලා තිබ්බ මැසේජ් තොගෙයි දැක්ක නිසා

පන්තිය අටට නුගේගොඩ තියෙන්නෙ ඒත් හතහමාර වෙලත් රොනාල් තාම එයාලගේ නාවින්නේ තියෙන තට්ටු තුනේ ගෙදර එයාගේ කාමරේ ඇද උඩට වෙලා ඔරලෝසුව දිහා බලන් ඉන්නවා

'Icon හුටා !"

ඇදෙන් බිමට පැන්න රොනාල් කඩාගෙන බාතෲම් ගිහින් තප්පරේට දෙකට ලෑස්ති වෙලා එළියට එනකොටම ශෙරින් සැන්විච් ප්ලේට් එකකුයි රොනාල්ගේ ආමන්ඩ් මිල්ක් එකයි අරන් එළියට ආවේ දැන් කොහොමත් කැව්වේ නැතොත් මේ යකා නොකන බව දන්න නිසා

කොහොමෙන් කොහොම හරිවදෙන් පොරෙන් කවාගෙන ඉවර වෙලා ශෙරින්ටත් වැදලා රොනාල් කෙලින්ම රේන්ජ් රෝවර් එකේ පිටිපස්සෙන් නැගලා ඩෙකර්ට කෑ ගැහුවේ විනාඩි පහෙන් පන්තිය ගාව ඉන්න කියලා

හදිස්සියට අමතක වුන මොනවා හරි තියේද කියලා බලන ගමන් විනාඩි දහයෙන් පන්තියට ආපු රොනාල් ටවීශ්ව හොයාගෙන ඇතුලට ගියේ වටේ පිටේ ඉන්න එවුන්ව සත පහකට ගනං ගන්න කලින්

"රොනාල් උබට උබේ කාඩ් එක නැති වෙන්නයි යන්නේ "

"මොන කාඩ්ද බං ?"

ටවීශ්ට එහා පැත්තෙන් ඉඳන් ඉන්න නුරායු කියන අඩ්ඩර දෙමළ කාඩ් එක ගැන කිසිම තේරුමක් නොතිබ්බ රොනාල් නුරායු දිහාවට හැරුණේ ටවීශ්ගේ මූනටත් ප්‍රශ්නාර්ථ බැල්මක් දාන ගමන්

"God prince !"

"ඕඕ කවුද ඒ පාර මේකුන්ගේ ගෝඩ් ප්‍රින්ස් වෙලා තියෙන්නේ "

"අර ....."

කෙල්ලෝ අද වෙනදා තරන් තමන්ට අවදානේ නොදුන්නා කියලා තේරුනත් වැඩිය ගනං නොගත්ත රොනාල් මේ ගෝඩ් ප්‍රින්ස් කාඩ් එක තමන්ට අහිමි වෙල කියලා දැනගත්තු ගමන් අලුත් ගෝඩ් ප්‍රින්ස් දිහාට හැරුනා

විශ්වාස කරන්න එතන හිටියේ ශ්‍රී ලංකා සමාජේ ඉන්න පුලුවන් අමුතුම ජාතියේ මනුස්සයෙක්

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now