11- පළිඟු දිඟහැරුම ♡

1.1K 164 49
                                    

තුනක් හරියටම දවස් තුනකට පස්සේ ශෙහානි අක්කා අද මැසේජ් එකක් දාලා තිබ්බා මට.... ආරධ්‍ය අද ඉස්කෝලේ එනවා එයාව පොඩ්ඩක් බලන්න කියලා

ගෙවුන දවස් තුනටම මම පන්තියෙන් හෙළ වුනේ වත් නෑ මොකද මම කෙසේ වෙතත් මම නිසා තුවාල කරන් හිටිය එයාට නෝට් දෙන්න තාමත් පන්තියේ හරිහමන් කෙනෙක් නෑ ඉතින් මම ටියුශන් වල වගේම ඉස්කෝලේ වැඩ ටිකත් දිගටම පන්තියට වෙලා ඉදගෙනම කලේ එයාට නෝට් ටික ගානට දෙන්න කියලා මගේ හිත කෑ ගහන්න පටන් ගත්ත නිසා

උදේම ඉස්කෝලේ බැක් ගේට් එක ගාව ඩියුටි බලන්න ගිය මමයි තව ගේම්ස් කැපෙකුයි එතන බලලා ගේම්ස් කැපාව එතනින් තියලා මම ෆ්‍රොන්ට් ගේට් එක ගාවට ආවේ එතන ඩියුටිත් චෙක්කරලා බලන්න මගදි හම්බුන ජොඑල් එක්ක කදයක් දාගෙන කියව කියව එනකොට ගේට් එක ගාවම සසිත මල්ලි අපි දෙන්නටම අත වනාගෙන ගියා . මම අත් දෙකත් බැදන් බලාගෙනම ඉන්නකොට ශෙහානි මිස්ගේ සුදු පාට අවුඩිය ඉස්කෝලේ ඇතුලට දැම්මා

අපේ ඉස්කෝලේ පුරුද්දක් විදිහට කරන දෙයක් තමා ගේට් එක ගාව ඉන්න සීනියර් ප්‍රිෆෙක්ට් ඉස්කෝලෙට එන ගුරුවර ගුරුවරියන්ට ගුඩ් මෝනින් කියලා ග්‍රීට් කරන වාහන වලින් එන ගුරුවරු හැමෝම ශටර් එක පහත දාගෙන එන එකත් ඒ පුරුද්දෙම අනික් කොටස විදිහට කියන්න පුලුවන්

"Good morning miss "

"Good morning Ronal මට පොඩි උදව්වක් කරන්නකෝ "

"කියන්න"

රහසින් වගේ ගේට් එක ගාවම නවත්තන් කිව්ව ශෙහානි මිස් දිහාවට තව ටිකක් මම නැවුනා නැත්තං ඇහෙන්නෑ නේ

"අර යක්ශ කොල්ලා කාර් එකෙන් එළියට බැස්සා ටර්න් එක ගාවදි බෑග් එකත් එල්ලන් ඉන්නේ පොඩ්ඩක් බලන්නකෝ "

"මම බලන්නම් අක්කේ"

බැජ් එකේ පිහිටෙන් එළියට පැනගන්න පුලුවන් උණ මම වේගෙන් වේගෙන් ඇවිදගෙන ගියේ වසරේ විශිෂ්ඨතම සමාජෙන් නෑකම් හංගන්නව හොයාගෙන දැන් ඔය ශුවර් එකටම බහින්නැත්තේ ශෙහානි මිස්ගේ කාර් එකේ ආවොත් අනිවා පදයක් හැදෙයි කියලා බයට ඇත්ත ඉතින් පදයක් නොහැදුනොත් තමා පුදුමේ ශෙහානි මිසුයි මිනාගි මිසුයි තමා මුලු ඉස්කෝලෙම ඉන්න පොඩිම ගුරුවරු දෙන්නා ඉතින් මේ යකා මිස්ගේ වාහනේ ආවොත් පදයක් හැදෙන සම්බාදිතාවය වැඩි මිසුත් ඇහැට කනට පේන කෙනානේ මොනවා උනත්

පයින්ම බඩ ගාගෙන මීටර් පනහක් විතර යනකොට ඔය එන්නේ හරිම අගෙයි වෙරි ගුඩ් වෙරි බියුටිපුල් අර අන්ඩ කැඩිච්ච අතත් බැදගෙන මේ යකා ස්කූල් බෑග් එකත් ඒ උරහිසටම බර දීලා ඔලුවත් බැන්ඩේජ් කරන් එනවා ආයේ නිකන් හිතන් ඉන්නේ ජස්ටින් බීබර් කියලා වෙන්නැති අනේ මගේ කට මොකට කියනවද හිච්චි ජස්ටින් බීබර්ගේ කෙරුවාව එදා මට අර පොලු පාර වැදුනානම් මට දුකත් නෑ මම අඩන්නෙත් නෑ ඔහොම දකින දකින පාරට මගේ පපුව රිදෙන්න ගන්නෙත් නෑ මේ ඔක්කොටම වැරදි තමුන් තමා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now