35- පළිඟු දිඟහැරුම ♡

922 122 74
                                    
-සවන්දෙන්න මේ විශේෂ නිවේදනයයි !

ප්‍රදාන ශිෂ්‍ය නායක මඩුල්ලට කෙරෙන විශේෂ නිවේදනයයි
04/05 එනම් ලබන සිකුරාදා දින සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවය පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීම සදහා විවේක කාලයෙන් පසුව ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයට රැස් වන ලෙස සිංහල විශය බාර නයනා පල්ලියගේ ගුරු මහත්මිය දන්වා සිටිනවා

මෙන්න එම නිවේදනය නැවතත්

ස්තූතියි ! -

"ආහ්හ් බත් එක කන්න දෙන්නෙම නැති හැටියක් මුන් "

"ට්‍රිප් එක ඉවර වුනා විතරයි දැන් අවුරුදු උත්සවයල් මොකක්ද ඕයි මේ කරුමේ "

"අදුරුදු උත්සවෙන් පස්සේ වෙසක් පොසොන් සිල් ,බිග් මැච් එපා වෙනවනේ ඕයි "

"ඉසිවර සර් කියන්න වගේ වෙලාවක් තිබ්බොත් A/L ගොඩ දාමු බන් "

පේරන්ස් මීටින් එකත් ඉවර වෙලා යහමින් ශෙහානි මිස්ගෙන් ගුටියක් කාගෙන ගිය අයියටත් හිනා වෙලා පන්තියට ඇවිල්ලා අපි කන්න ලෑස්ති වුනා විතරයි මීඩියා එකෙන් දාපු එනවුන්ස්මන්ට් එක නිසා සසිතයගේ බෙල්ල මිරිකන්නත් ලාවට හිතෙද්දි කටට දෙකට කෑම ටික දාගත්තත මමයි ජොඑලයි ටවීශයයි නැගිටලා ඕඩියෝ විශුවල් එකට යන්න ලෑස්ති වුනා

මේ පැත්තෙන් දොරත් ඇරන් එළියට යන්න ලෑස්තියෙන් දොර මෙහාට අදිනවත් එක්කම එහා පැත්තෙන් දොර තල්ලු වෙලා ආපු නිසා බැලන්ස් නැතිව ගිය මම පොටිපස්සෙන් හිටිය ජොඑලට බර වෙලා සමබරතාවේ හදාගත්තේ කවුද එහා පැත්තෙන් දොර තල්ලු කර අසමත්ජාතියා කියලා දැනගන්න ඒ පැත්තත් බලන ගමන්

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now