14- පළිඟු දිඟහැරුම ♡

1K 167 38
                                    

"මාම් මෙන්න මූට දෙකක් ඇනලා නැගිට්ටවමුද එක්කෝ "

"යාහ් කෑ ගහන්න එපා ශෙහාන් පුතාගේ නින්ද කැඩෙයි "

"දැන් එතකොට නිදාගෙන ඉද්දිද බං අම්මේ ඕකව අර කෙල්ල ගෙදර එක්ක යන්නේ "

"කට වහන් ඉන්න රෙහානා "

අක්කගේ දගේ කටහඩක් කන ගාව බෙරිහන් දෙනවා ඇහෙනකොට මම ඇස් දෙක තද කරලා ආයෙම ඇරියේ ලාවට බෙල්ලේ කැක්කුමකුයි කකුලේ හිරිවැටීමකියිත් අල්ලලා තියෙද්දී

"ආව් "

"ආ කුමරුනි නැගී සිටින්න "

"මොකද බං "

"අර ලමයගේ අක්කා ඇවිල්ලා බලාගෙම ඉන්නවා උඹ ඒ ලමයව උකුලේ තියන් මෙතන නිදි කරව ගත්තද? "

හුටා මෙච්චර වෙලා අන්ධ මන්ද දූපතෙන් ගොඩ බැහැලා වගේ අක්කා දිහාම බල්ලගෙන හිටිය මට ඊළඟට තමා මීටර් උනේ ආරධ්‍ය නිදාගත්තේ මගේ උකුල උඩ කියලා මම කොච්චර බය වුනාද කිව්වොත් ත්ව ඩිංගෙන් ආරධ්‍යගේ අත ආයෙම පෑරිලා එයා නැගිට්ටවෙනවා හැබැයි මම කලබල වෙන්න කලින් මාම් මගේ උරහිසට අතක් තියලා ආන්සුන් කරේ මෙයා ඇහැරුනොත් කලබලේට එයත් නැගිටගන්න ගිහින් රිද්දගනී කියලා බයට ......

මගේ හොර හිත කොච්චරද කියනවනම් මම මාම් දිහා බැලුවා හොරාට එයානම් වෙනදා ඉන්න විදිහටම මලක් වගේ පිපිලා හිනා වෙවී ඉන්නවා මම අනික් අතට බැලුවේ මහ පගී දිහා දෙයියනේ මේකි මහ වස චාටර් හිනාවකින් මං දිහා බලන් ඉන්නවනේ යකෝ

"චූටි බබා සුදු පුතාව නැගිට්ටවමුද ශෙහානි දුවත් ඇවිල්ලා "

"ම්ම්ම් ආරධ්‍ය ...නැගිටින්න ......ශ්... ගෙදර යන්නැද්ද ඔයා "

මම මාම් ආරධ්‍යව නැගිට්ටවන්න කියපු නිසා හිමීට වම්.උරහිසට තට්ටු කරේ ශෙහානි අක්කා උඩට ආවේ නැති එකට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට පින් දිදී

"නැගිටිනවකෝ බං මගේ කකුලත් හිරිවැටිලා "

නෝ රියැක්ශන් මූ යකෝ එක ඇහැක් ඇරලා බලලා ආයෙම ඇස් දෙකම වහගෙන නිදි ඉදපන් දෙන්න වැඩක් මම

"නැගිටපන්කෝ මේ අක්කලාත් ඇවිල්ලා "

පත්තු උනේ ඔය යස අපූරුවට මෙච්චර වෙලා නිදි වගේ ඇක්ට් කරපු හිච්චි ජස්ටින් බීබර් ඇස් දෙකම ඇරලා හිමීට ඔළුව හරවලා බැලුවේ මාම්ලා හිටිය පැත්ත ඒත් එක්කම......

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now