"ලගට එන්න එපා පුටුවෙන් ඉදගන්න "
මම හිටියේ නින්දෙන් නැගිට්ට ගමන් කොන්ඩෙත් අවුල් කරන් ඇසුත් බාගෙට ඇරන් අද චමිල සර්ගේ පන්ති තිබිලත් ඇගේ අමාරුවට අල්ලපු ඔලුවේ කැක්කුම නිසා මම පන්ති නොයාම ආයෙම පැයක් විතර නිදාගෙන දැන් නැගිට්ටේ ඒකත් දොරත් ඇරන් ඇතුලට ආපු එයා නිසා
"දිගටම මගේ දිහා බලන් ඉන්නද හදන්නේ දවසෙම .....!"
"මට ..සමාවෙන්න .......චූටි අයියේ "
(කව්රුහරි මූට මතක් කරලා දෙන්න අර ඊයේ ටවීශ්ට හෙන ලයින් එකක් ඇල්ලුවෙත් මූමයි කියලා.... මේකට තමා මචං කියන්නේ බොටමා ටොපාගේ දෙවියාය කියලා )
"ඔයා වරදක් කරේ නෑ නේ ශෙහාන් "
"මම සමාවගත්තනේ .......දැන් ඇති "
"සමාව ගත්ත පමණින් දෙන්න මම බැදිලා නෑ ශෙහාන් "
"එපා ශෙහාන් කියන්න එපා වෙනදා විදිහට කතා කරන්න "
"වෙනදා විදිහට ඉන්න ....... ම්ම්ම් තමන් ගැන විශ්වාසේ තමන් ආදරේ කරන කෙනාගේ හිතේ නෑ කියලා දැනුනම වෙනදා විදිහට ඉන්න පුලුවන්ද ?"
"කෙන්ද කන්ද කර ගන්න එපා රොනාල් එපා වෙනවනේ "
"එපා වෙනවනම් යන්න මම අල්ලන් ඉන්නෑ "
මම දන්නෑ මට ඕන උනේ එයාට සමාව දීලා එයාට තුරුලු වෙන්න ඒත් මගේ කට ඉස්සර උනේ එයා එක්ක රන්ඩු වෙන්න හැබැයි ඇස් .......කටින් කට කොච්චර එයා එක්ක රන්ඩු වෙලා තරහින් වගේ මවා පෙන්නුවත් ඇස් සරන පාවා දුන්නා
පොඩ්ඩ ඇත්තන් කඳුළු පිරෙන ඇස් වලට මම වෛර කරනවා .......මගේ නිල් ඇසුත් ඇතුලුව .......
"ප්ලීස් අඬන්න එපා .... "
"ලගට එන්න එපා කියලා සැරයක් කිව්වා මම "
මම පුලුවන් තරන් කඳුළු ඇස් වලින් එළියට පනින්නැති වෙන්න ඇහි පිල්ලම් තුන හතරකුත්ගැහුවා මොකද මට ඕන උන්නෑ අඩනවා කියලා පෙන්නන්න ..... ඇත්ත මම කෙන්ද කන්ද කරන් කියලා මගේ මොළේ මට පණිවිඩ එව්වා .......යටි හිත මොලේම පැත්ත ගන්නකොට උඩු හිතට විතරක් එයාත් එක්ක ඇරියස් කවර් කරන්න ඕන උනා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...