41- පළිඟු දඟහැරුම ♡

841 121 111
                                    

ලේ සමග ඈදුනු කොටසකි සදික සංවේදි අය නොකියව ඉන්න , තව කනකොට වගේනම් කියවන්න එපා (හැබැයි පොඩ්ඩයි දැම්මෙත් කමක් නෑ ) 💢

අඳුරු සිර මැදිරියේ වධකාගාරය තුල කොළඹ මරදාන වාඩියාවත්ත ,හැටේවත්ත , වැල්ලම්පිටියම බය කරගෙන සිටිය කුඩු අජේ හෙවත් අජිත් සිරිවර්ධන ගැට ගහලා හිටියේ දම්වැල් වලින්

මැරයෙක් , මිනීමරුවෙක් , කුඩු බෙදාහරින්නෙක් වගේම කුඩු ගෙන්නන්නෙක් වෙච්ච ඌගේ දත් දෙකක් රත්තරන් වලින් දාගෙන ඉන්න තරමටම ඌ සල්ලි කාරයෙක්

අනුරාධ ඇමතිතුමාගේ දකුණු අතක් වෙච්ච කුඩු අජේ තියා උගේ අන්තිම හෙංචයියා ව වත් ඇතුලට දාගන්න උවමනාවක් ප්‍රජාතන්ත්‍ර සමාජවාදි ජනරජයක් වෙච්ච මේ රටේ මහ ලොකු පාලක පුටු රත් කරන උදවියට උවමනවක් තිබ්බේ නෑ

මහලොකුවට සාමය රකින්න කියලා පත් කරලා ඉන්න පොලීසියත් කුඩු කාරයින්ගේ අල්ලේ නැටවෙන කාලයක මේ වගේ තමන්ව ලොකප් කරන්න තරන් බල පුලුවන්කාරයා කවුද කියලා බලාගන්න තමා අජේත් කට කොනින් හිනාවේගෙනම හිටියේ

මොකද මිනිහා දන්නවා තව පැයක් ඇතුලත මිනිහා එළියට ගන්නවා කියලා

නමුත් මිනිහා වැරදී මේ පාර වැරදි දැලක පැටලිච්ච මිසා ලේසියෙන් ගැලවෙන්න පුලුවන් කමක් නැති වෙයි මිනිහට

"සාජන් ෆෝන් එකට එන කෝල් එකක් වත් ආන්සර් කරන්න එපා මේක ළඟ තියාගනින් "

"හරි මැඩම් !"

මැඩම් ... පිරිමි කටහඩකට මැඩම් කියන්න මුන්ට පිස්සුද ..... ඇතුලේ හිටිය අජේට එහෙම හිතුණේ එළියෙන් ඇහුන සංවාදේ නිසා .... මොහොතකට මිනිහට හිතුනා මිනිහව බේරගන්න ඇමති දුවෙක්වත් ඇවිල්ලද දන්නෑ කියලා ....ගෑනු කටහඩක් නැතත් පොලිසියත් නැවෙනවා කියන්නේ ගෑනු කෙනෙක්ට ශුවර් එකටම ඇමති දුවෙක් නැත්තං ඇමති බාර්යාවක් ! ....

ටකස්

මෙච්චර වෙලා අදුරෙම ගිලිලා තිබ්බ කාමරේට මලානික කහ පාට එලියක් ආපු නිසා අජේට ඒකට ඇස් හුරු කරගන්න අමාරු උනා මොකද අදුරට හුරු වෙලා තිබ්බ ෂ් මලානික කහ එළියට එකපාර හුරු උනේ නෑ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now