"මාමාහ් "
"එන්න එන්න "
සුදු සරමක් ඇදගෙන හරි කෙලින් හිටගෙන ඉන්න උස කොල්ලා දිහාවට අනුරාධ ජනාදිපති තුමා අත් දෙක දිග් කරේ හරි සන්තෝසෙන් ......
"අන්තිමට අරකිව නවත්තන්න අපි එලපු ඇම ඒකිලා ගිල්ලා බං "
"අපිට දැන් රදීශ් කාරයව ඇපේට තියන් ඒකිව අල්ලේ නටවන්න පුලුවන් වෙයි නේ මාමා "
"ම්ම් ඒක තමා මගෙත් ප්ලෑන් එක ...... සංජය පුතා අර ගෑනිව හම්බුනාද ?"
"නෑ මාමා මම මුලු රටම ආයෙම මුල ඉඳන් පීරනවා මම ඕකිට බේරිලා යන්න දෙන්නෑ බය වෙන්න එපා "
ඝනව වැවිලා තියෙන උඩු රැවුල උඩු අතට කරකවන ගමන් කට කොනින් හිනා වුන විදේශ කටයුතු අමාත්‍ය සංජය ගම්ලත් සරමේ එක පැත්තක් එක අතකින් අල්ලන් ජනාදිපතිට ඔලුව නවලා ගෞරව කරලා ජනාදිපති මන්දිරෙන් එළියට ආවේ පිටිපස්සෙන් එන මුර බල්ලව වුනත් සත පහකට ගණන් නොගනිමින්
මොකද මුර බල්ලා උනත් දන්නවා නිතර දෙවේලේ දකින මේ ආඩම්බරකාර මිනිහව .....
_____________________________
ශෙහාන් බලන් ඉන්නේ තමන්ගේ අත අස්සට වෙලා නින්දෙන් හිනාවෙන තමන්ගේ ලෝභ හිතෙන ආදරවන්තයා දිහා ......
"ඇස් ගන්න හිතෙන්නෑ .... ලස්සනයි !"
තනියම තමන්ටම මුමුන ගත්ත එයා බලාගෙන ඉන්නේ තමන්ගේ ආදරවන්තයගේ නුරුවත් උඩු කය පුරාම තියෙන රතු දම් පැල්ලම් දිහා
දැන් විනාඩි විස්සකට වැඩි ශෙහාන් එක දිගටම නිදාගෙන ඉන්න රොනාල් දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලන් ඉන්න පටන් අරන් ... කොච්චර බැලුවත් එපා වෙන්නෑ කියලා කියනවනේ එයාට ....
"තව කොච්චර වෙලා බලන් ඉන්නවද පැටියෝ ?!"
"අහ් මම....."
අර කිව්වත් වගේ නැගිට්ට වෙලේ ඉඳන් ඇහි පිල්ලමක් වත් ගහන්නැතුව රොනාල් දිහාම බලන් ඉදපු ශෙහාන් ඇස් දෙක පියන් බොරුවට හිනා වුනේ නිදිමතේම ඇස් ඇරිය රොනාල් ලාවට හිනා වෙද්දි
"ඔහොම ඉන්න මම ටබ් එකට වතුර පිරෙන්න දාලා එන්නම් "
"මගේ ෆෝන් එක හොයලා දෙන්න පැටියෝ "
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...