72- පළිඟු දිඟහැරුම ♡

657 95 324
                                    

"චූටි "

"අහ් ගුඩ්මෝනින් ඩෑඩ් "

"ගුඩ් මෝනින් කොහෙද යන්න හදන්නේ ?"

"ආහ් අද දෙමටගොඩ ශොප් එකට යන්න කියලා "

"අද යන්න එපා අක්කත් කාලෙකට පස්සේ නිවාඩුවක් දාපු නිසා මාම්ට ෆැමිලි ලන්ච් එකක් ගන්න ඕනි කිව්වා "

"අහ් අයියා ගොඩකවෙල යනවා කිව්වනේ "

"එයත් ගෙදර අද ඔයත් ඉන්න "

"හා එහෙනම් "

මම උදේම ලෑස්ති වෙලා යන්න හැදුවේ මාම්ගේ ශොප් එකට උනත් ඩෑඩ් යන්න එපා කිව්ව නිසා මම ආයෙම චේන්ජ් වෙලා ශෝටක් දාන් පල්ලෙහාට බැස්සේ මාම් එක්කම එකතු වෙලා ශෙහානි අක්කයි මිනාගි අක්කයි දෙන්නම උයනවා පෙනෙද්දි

"ගුඩ් මෝනිං "

"ගුඩ් මෝනිං බබා "

"ගුඩ් මෝනිං මල්ලි //"

මාම් උදේට කන්නද කොහෙද මොනවද මන්ද හදන ගමන් හිටියේ මම කැරට් වගයක් සුද්ද කර කර හිටිය මාම්ගේ කම්මුලකට කිස් එකක් දුන්නම ශෙහානි අක්කා මගේ කොන්ඩේ ඇවිස්සුවේ ආදරෙන්

එයයි අයියයි වෙනම ගෙදරක ජීවත් වුනාට වැඩි හරියක් ඉන්නේ මෙහේ ඒකට එකම හේතුව ශෙහානි අක්කා මාම්ට පණ ඇරලා ආදරෙයි මාම්ත් එහෙමයි ඇරත් අයියටත් පුරුද්දට මාම්ට කඩචෝරු ගේන පුරුද්ද අතෑරගන්න බැරි නිසා එයාත් ගෙදර යන්න කලින් එන්නේ මෙහේ දවල් ඉස්කෝලේ ඉවර වුනාට පස්සේ ශෙහානි අක්කවයි මිනාගි අක්කවයි බොහෝ දුරට එක්කන් එන්න යන්නේ එක්කෝ මම නැත්තං ඩෙකර් .... ඒ ගිහින් ආපු තැන ඉඳන් ශෙහානි අක්කා මෙහේ එයාට එහේ පාළුයි කියලා ඉන්න බෑ කිව්වා දවසක්

"බඩගිනියි අප්පාවේ "

"අම්මෝ අම්මෝ ශෙහානි බලපන්කෝ මෙයාගේ හුරතලේ ඉස්කෝලේ හිටියේ කොහොමද හරක් පැටියා වගේ පිබ පිබ "

"ඒකනේ මිනා "

"අනේ මේ ඔයාලා දෙන්නා නරකයි අප්පා "

"කියන්නකෝ මෙයා ළමයින්ට බැන්නද පුතේ "

"ඔයාට කියන්න ආන්ටි මේ ඉන්න ඔයාගේ පොඩි පුත්‍රයා දවසක් පාර මැදම එකොලහේ කොල්ලෙක්ට බැන්නා නේචර් ක්ලබ් එකේ ලියුමක් වැරැද්දුවා කියලා "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now