74- පළිඟු දිඟහැරුම ♡

524 77 343
                                    

කඳුළු !

ගැලපෙන්න ඕන්නැති ඇස් වලට කඳුළු මොන විදිහකට ආවත් ගැල පෙන්නෑමයි

හරියට දැන් සට සට ගාලා කදුලින් කදුල කඩාගෙන වැටෙන සසිතගේ ඇස් වගේ ......

මොන තරන් මහන්සි වෙලා හොදක් අහගන්න වැඩක් කරත් එයාට හොදක් කියන්න කවුරුත් නෑ අදත් ඉස්කෝලේදි උනේ ඒක..... 

ඒක නිසාම වෙන්න ඕනි කොල්ලා එකයි කාල වෙන්නත් කලින් මිඩ්ල් ගේට් එකෙන් බැජ් එක පෙන්නලා පැනලා ආවේ එලියට

බඩගිනි හොඳටම ඒත් මේ වෙලාවේ කෑවොත් ගෙදර යන්න කොල්ලගේ අතේ සල්ලි මදි වෙනවා ..... උදේ අම්මා දුන්න ලන්ච් බොක්ස් එක එහෙම්පිටින්මයි කන්න වත් කොල්ලට වෙලාවක් තිබ්බේ නෑ

ස්ටඩීස් එක්ක බාහිර වැඩ මදිවට මේ ප්‍රිෆෙක්ට් බැජ් තනිකරම ඔළුව කැක්කුම හැදෙන එක්තරා විකාරයක් විතරයි අඩුම ටවීශ් වත් හිටියනම් අත් දෙකට තුරුලු කරන් දැනෙන පීඩනේ නැති කරවන්න තිබ්බා

සතියක් තිස්සේ රෑ එලි වෙනකං හදපු කලර්ස් නයිට් ප්‍රොජෙක්ට් එකම රිජෙක්ට් කරලා ඒකට වන්දිය විදිහට ටොප් බෝඩ් එකම එකතු වෙලා කොල්ලව ප්‍රිෆෙක්ට් රූම් එකේ කොනකට කරගෙන බැන ගෙන බැනගෙන ගියේ අඩුම ප්‍රින්සිපල් පවා නොදැනුවත්ව

ඇරත් ඒ මනුස්සයා හෙඩ් ප්‍රිෆෙක්ට්ට කිව්වේ මොකක්ද රිජෙක්ට් වුනාට කමක් නෑ අපි ආයේ එකක් හදමු කියලා ... හැබැයි ලස්සන පොඩි කොල්ලාට පොඩි කාලේ ඉදන්ම ඉරිසියා කරපු එයාගේ බැච් එකේන්ම තේරිලා ටොප් බෝඩ් ආපු කොල්ලෝ ටිකම කරේ අඬන්න ඉන්න කොල්ලගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කොල්ලව අඩවපු එක

ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා ශොට් කට් එක තියෙද්දිත් වට රවුමෙන් තර්ස්ටන් එක පැත්තට පයින්ම කොල්ලා ඇවිදගෙන ආවේ හිමීට ඇස් වලින් වැටෙන කඳුළු කැට බින්දුව බින්දුව නවත්තගන්න අතරේ

"ඉව්ව් ඉව්ව් හොද ළමයි අඩන්නෑ නරක ළමයි අඩන්නේ අර ළමයි කියනවා වගේ මම මෙහෙම අඩ අඩ ඉඳලා හරියන්නෑ නේ එව්ව් "

තමන් එක්කම හිනා වෙලා තද කලු ඇස් වල පිරිලා තිබ්බ කඳුළු ඔක්කොම අත් වලින් පිහදලා තමන් එක්කම ලස්සනට හිනා වුන සසිත ගල් කැටයකට පයින් ගහලා ශේප් එකේ ශෝට් කට් එකකට හැරුනෙ 138 ක් අල්ලන් ගෙදර යන්න

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now