26- පළිඟු දිඟහැරුම ♡

1K 127 223
                                    

"නැගිටපන්කෝ පොඩි පකා මට නිදාගන්නත් නෑ තෝ නිසා "

"වද නොදි පලයන් අයියේ "

උදේ පාන්දර සැප නින්දක හිටිය මට කොට්ටෙකින් ගැහුව අයියට පයින් පාරක් ගහන ගමන් ආයෙම අනික් පැත්ත පෙරලෙන ගමන් ශීට් එක පොරවගත්තේ ඔක්කොටම වඩා නිදිමත ලොකුයි නිසා .

"තෝ නැගිටලා ලැස්ති වෙනවද අර බඩකඩිත්තු ට්‍රිප් එක යන්න නැද්ද ?" 

"හුටා ට්‍රිප් එක "

වෙන එවුන්ට කොහොමද දන්නෑ හැබැයි මටනම් මොකක් හරි වැදගත් වැඩක් තියෙනවනම් අන්න එදාට තමා වැඩිපුර තදටම නින්ද යන්නේ ......

"කලින් නැගිට්ටවන්න එපැයි මගුල "

පට ගාලා ඇදෙන් නැගිටින්න ගිහින් බෙඩ්ශීට් එකත් පැටලිලා හොම්බෙන් යන්න ගිය මම අයියවත් අල්ලගෙන නොවැටි බේරුනේ අනික් පැත්ත හැරිලා හිටිය ඌව කෙලින්ම ගිහින් බෙඩ්සයිඩ් ටේබල් එකේ වැදෙද්දි

"පොඩි.....පකා........තෝ......මගේ.....අනා.....ගතේ නැති ....කරන්නද ....යන්නේ අහ්ව් "

"ඌප්ස් සෝව්‍රි "

ඌටත් දිව ඇඳන් බාතෲම් එකට පැන්න මම උදේම නාගත්තේ යන්නේ සීතල පැත්තක නිසා නාන්න වෙන්නේ නැති වෙයි කියලා කලින්ම හිතිච්ච නිසා

"ලෑස්තිවෙලා පල්ලෙහාට එනවා ඉක්මනට නුරායු මල්ලි ඇවිල්ලා "

ඊට පස්සේ ෆෝන් එක ඔන් කරාම මම දැක්කේ ආරුගෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා

"චූටි අයියේ එනකොට මතක ඇතුව ජර්සියක් දාන් එන්න "

"හ අයියෝ හා "

එයාටත් රිප්ලයි කරලා මම ඊයේ රෑ පැක් කරලා තිබ්බ බෑග් එකට ෆෝන් චාජර් එකයි බ්ලූටූත් දෙකයි ෆෝන් එකයි ඔබාගෙන පල්ලෙහාට බැස්සේ ස්කූල් ට්‍රැක් කිට් ඇදලා

පල්ලෙහාට බැස්ස ගමන් කුස්සියට ගිහින් මාම්ව පිටිපස්සෙන් තුරුලු කරගත්ත මම කම්මුලට කිස් එකක් දීලා ෆ්‍රිජ් එකෙන් ස්නැක් දෙකකුත් බෑග් එකට දාගත්තේ බයික් ඇවිල්ලා ගේ ඉස්සරහින් නවත්තද්දි

"ආ ලස්සන ගෑනු ලමයා වැඩ වගේ "

බයික් එකෙන් ආපු ජොඑලා හිනාවෙලා මාම්ට කියනකොට උදේට කන්න මිනි සැන්ඩ්විච් වගයක් හද හද හිටිය අම්මා නම් හිනාවෙලා සැන්ඩ්විච් එකක් ඌට දුන්නා කන්න කියලා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now