34- පළිඟු දිඟහැරුම ♡

890 115 171
                                    

කැහ්ම් ......අහම්

නින්ද යන්න දිලා තිබ්බ බෙහෙතේ පවරෙක අඩු උනාම රෙහානා කැස්සක් එක්කම රෑ දෙගොඩහරි ජාමේ නැගිට්ටේ බඩත් එක්කම මුලු පපුවම ඇවිලෙන්න ගත්ත නිසා

"අහ්......ම් ඔළුව "

තුවාල නැති කැනියුලා එක ගහලා තියෙන අත උස්සන්න ගියත් ඒක බර නිසා තුවාල අතම උස්සලා ඔළුව ඒ අතටම බර කරගත්තේ කරුවල නිසාත් නින්ද යන්න දීපු බෙහෙත් නිසාත් ඇස් බොද වෙලා තියෙද්දී

"අහ්.....ම් මිනාගි......"

රෙහානා ඊලගට බැලුවේ එයාගේ කැනියුලා එක ගහපු අතේ ඇගිලි අස්සෙන් තදට එතිලා තියෙන අත කාගෙද කියලා ඒ අත මිනාගිගෙ කියලා දකිනකොට රෙහානා ඇස් ලොකු කරන් බලන් හිටියා

"මුලු රෑම මේ කාමරේද හිටියේ ?"

නිදන් ඉන්න මිනාගිගෙම ඒ ප්‍රශ්නේ ඇහුවත් උත්තර නැති තැන රෙහානා තුවාල අතින්ම මූන පුරා විසිරිලා තියෙන මිනාගිගේ කොන්ඩේ කන පිටිපස්සට කරලා මිනාගිගේ අතින් තමන්ගේ අත අතෑරලා දාලා කැනියුලා එකත් ඇදලා ගලවලා පැත්තකට කරේ කැනියුලා එක ඇද්ද නිසා ඇති වෙච්ච සීරුමෙන් පුංචි ලේ බිංදු මතුවෙන්න පටන් ගන්නකොට

ඊට පස්සේ රෙහානා ඇදේ අයිනෙම පැත්තකට වෙන්න හිටිය මිනාගිව උස්සලා හරි හමන් විදිහට ඇදෙන් තියලා ශීට් එකත් පොරවලා බැල්කනි එක ඇරලා එළියට ගියේ ලාච්චුවේ තිබ්බ සිගරට් බොක්ස් එකයි ලයිටරෙයිත් අතට ගන්න ගමන්

අහසේ හද නැතත් තරු පිරිලා පුංචියට දිලිසෙනවා රෙහානාගේ ඇසුත් ඒ දිලිසෙන තරු අතර තියෙන මලානික තරුවක් වගේ අමාරුවෙන් උනත් දිලිසෙනවා

හරිම හෙමින් මලානිකව

සිගරට් එකක් පත්තු කර ගත්ත රෙහානා හිස් හැඟීමෙන් අහස දිහා බලන් හිටියා

හිතන්න දේවල් සීයක් තිබ්බත් රෙහානා කිසිම දෙයක් නොහිතා හිස් හැඟීමෙන් තරු පිරිල තියෙන අහස දිහා බලන් හිටියා

"මට ලැජ්ජයි උඹ නිසා මම මටම රිදවගෙන මගේ පවුලේ අය අඩවනවා බං "

බාගෙට පේන හද දිහා බලලා මුමුනපු රෙහානා සිගරට් ඇවිලිලා ඉවර වෙච්ච සිගරට් එක බැල්කනියට දාලා බැල්කනියේ දොරත් වහන් ඇතුලට ඇවිත් ඇදේ කොනකට ගිහින් මිනාගිට කරදරයක් නොවෙන්න නිදාගත්තා
_____________________________________

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now