"කෝ උබේ වස්තුව "
"අද එන එකක් නෑ ඌ ආවට වැඩක් කරන්නෙත් නෑ නේ "
"හවසට ප්‍රැක්ටිස්ද රොනාලයා "
"ම්ම් "
"අඩෝ අපි මේ ඉස්කෝලෙ ඉන්න අන්තිම මාස අට නේද හුට්ටෝ මේ "
"ඇත්ත "
"රොනාලයා තාත්තා හදන්නේ මාව රට යවන්න බං "
"මොකක් ඉතින් උබ යනවද ? "
"සුදු මල්ලිව දාලා යන්න බෑ බං "
"බය නොවී ඉදපන් අපි බලමු කරන්න ඕං දේවල් ම්ම් "
"ඒක නෙවේ අනිද්දට ලලනාවන්ගේ ස්පෝට් මීට් බලන්න යනවනේ උඹ "
"අඩෝ මම සසිත මල්ලි එක්ක යන්නංකෝ බං උබයි ජොඑලයි පලයන්කෝ "
"පලයන් වහුට්ටා යන්න ආසයි වගේ මගේ කොල්ලව එක්ක යන්න "
"තියාගනිම් උඹ කැ*යා "
මමයි ටවීශයයි ස්කූල් ටීශර්ට් වගයක් ප්‍රින්ට් කරන්න යවන්න චෙක් කරන ගමන් හිටියේ අද ආරුත් නෑ මුලු ඉස්කෝලෙම පාළුයි ගන්න දෙයක් නෑ තව දවස් පහයි ස්පෝට් මීට් එකට ඊට පස්සේ පේරන්ස් මීටින් ඊළඟට ස්කූල් ට්‍රිප් එක
"මචං උඹ අවුලකද ඉන්නේ රොනාලයා "
"නෑ බං ඇයි "
"උඹ අපිට කොලේ වහනවා නේ ?"
ටවීශයට මම හොදින් කියන්න මට ඕං උනත් ඇත්තටම මම හොදින්ද ? කවදාවත් හිත රිදෙන්නවත් වචනයක් නොකියපු අක්කා වෙනස් වෙලා අපි පොඩි කාලේ රන්ඩු කරා ගහගත්තා ඒත් ඒවා විනාඩි පහ හයයි ඊළඟට අපි දෙන්නා බදාගෙන නටනව එහෙමත් නැත්තං අයියගේ තුරුලේ මගේ මුලු පවුලම වෙනස් වෙලා
"අක්කා බං "
"ඉතින් අක්කා ? "
"එයා වෙනස් වෙලා ඕයි "
"මොකක්ද සීන් එක ?"
"මචං මම ඊයේ ගෙදර යනකොට එයා ඇවිල්ලා පුරුද්දට වගේ එයාගේ කාමරේට යනකොට එයා නිදි ඉතින් මම රෙද්දත් පොරවලා ආපහු යන්න හැදුවම එයාගේ මේඅඒ උඩ ෆොටෝ එකක් තිබ්බා ඒක ඇවිල්ලා අවුරුදු දාසයක විතර කෙල්ලෙක්ගේ ටිකක් බලන් යනකොට තේරුණේ ඒ ඇස් ආරුගේ වගේමයි කියලා මම ඒක අල්ලගෙනම ඉන්නකොට අක්කා නැගිටලා ටිකක් සැරෙන් කතා කලා "
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...