32- පළිඟු දිඟහැරුම ♡

984 125 179
                                    

"ඇත්තටම ඔයාට හිමින් යන්නම බැරිද ?"

"බෑ "

"මොකෙක්ද මන්දා!"

"මොකක්ද ?"

"මුකුත් නෑ "

මිනාගිට රේන්ජ් රෝවර් එකට නගින්නත් පොඩි හෙල්ප් එකක් දීලා වාහනේට නැග්ග රෙහානා හැටට යන්න පුලුවන් පාරේ එකසිය විස්සට ගියා මම අහන්නේ පොලිස් කාරියක් කියලා නීතිය අතට ගන්න එක වැරදි මේ කෙල්ල උනත් ඔය දැන් උනත් වලියක් දාගෙන ආතල් එකේ දෙන්නා එක්ක ඩබල් දාන් නුගේගොඩ යනවා කිව්වට දැන් ඉන්නේ අනුලා එක ගාව තව පොඩි දුරයි

"මිනාගි "

"ම්ම් ?"

පාරේ යන එන වාහන දිහා බලන ගමන් ජිවීතේට මේ වගේ වාහනේක යන්න බලාපොරොත්තු නොවුන මිනාගි රෙහානා දිහාවට හැරුනා

ඇත්ත මිනාගිගේ අත මිට සරුයි සල්ලි තියෙනවා නැත්තේ නෑ හැබැයි එහෙමයි කියලා වාහන අරන් නටන්න තරන් එයාට වත් කමක් නෑ එයා හරි චාම් අහිංසක ළමයෙක් බස් එකේ ගමන බිමන ඔය හැමදේම හරියටම තිබ්බත් මිනාගිට කාත් කවුරුත් නෑ ඒක මතක් වෙන හැම පාරම එයා ඉස්සර අනාථ නිවාසෙදි උනත් කරේ අඩපු එක

මිනාගි බොළඳ නෑ හැබැයි එයා ගොඩක් ස්ට්‍රෝන්ග් කෙනෙකුත් නෙමේ අර fb හෑලි ලියන අයියලා කියන විදිහට හෙන ගැහුවත් දරාගන්න මිනාගිට අකුණු සන්නායක හයි කරලා නෑ ඉතින් දුක හිතුනම අඩනවා සතුටු හිතුනම උඩ පැන පැන හිනාවෙනවා ඒ තමයි සරලවම මිනාගි

"........"

"ඔයා මොකක්ද කියන්න ගියේ "

"පාසල් ප්‍රේමයක් තිබිලා තියෙනවද ?"

"ඇහ් "

"ස්කූල් ලව් එකක් ?"

"අම් .......නෑ ක්‍රශ් එකක් හිටියා හැබැයි එයා දැන් බැදලා අවුරුදු දෙකක බබෙකුත් ඉන්නවා "

මිනාගි ඔලුවත් කස කස කියනකොට රෙහානා ලාවට හිනා වුනා ඒක සමච්චලේට කරන හිනාවක් වත් මුකුත් නෙමේ හරියට මීට අවුරුදු ගානකට කලින් හිටිය රෙහානා වගේ එයා හිනා වුනා සැහැල්ලුවෙන්

"ඉතින් ඔයාට හිටියද ?"

"ම්ම් හිටියා තාමත් ඉන්නව මගේ නොවන මගේ ආදරේ "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now