77- පළිඟු දිඟහැරුම ♡

585 97 240
                                    

"සුඩාම්මියෝ පරිස්සමින් ඉන්න ඒයි අපි එහෙනම් ක්වාටස් වලට මංගච්චන් වෙන්නම් "

"දෙයියන්පා ඔය කට වහපන් යොහාන් උබේ අනික් බාගෙගේ "

අක්කා මේ සියවෙනි වතාවටද කොහෙද මර ලතෝනි තියන්නේ නෙහාන් අයියගේ කියවිල්ලට .... නෙහාන් අයියා කොහොමත් ටිකක් කට කාරයි ...... උන් දෙන්නා මුලින් දකිනකොට අඳුර ගන්න අමාරු උනාට පස්සේ පස්සේ අපිට අඳුර ගන්න ලේසීයි

යොහාන් අයියා උස මහත ඩෑල් එක වැඩි සද්දයක් නෑ එයාගේ අතේ කැපුමක් තියේ හරියට නිකන් මොකකින් හරි ඇනලා වගේ ........

නෙහාන් අයියා උසයි හැබැයි කෙට්ටුයි මිනිහාට මහ ලොකු බොඩියක් නෑ ටිකක් සසිතයගේ ලයින් යනවා හිටි හැටියේ කටකාරයි නේ

" ඇයි හත්තිලව්වේ ඔයාමනේ ඒයි කිව්වේ රාජකාරි කාලයෙන් පිට අපි දෙන්නව නිකං මල්ලිලා වගේ කියලා "

"කන පලාගන්න කලින් පලයන් පව් නොදී "

අක්කා ඔලුවේ අත ගහගෙන උලුවස්සට බර වුනාම යොහාන් අයියා නෙහාන් අයියගේ කනෙන් ඇදගෙන ගිහින් පැසෙන්ජර් ශීට් එකට තල්ලු කරලා අපිට යන්නම් කියලා අක්කගේ ඔෆිස් ජීප් එක අරගෙන ගියා

අක්කයි අයියයි නම් කලින්ම ගියා අක්කට නිදි මතයි කියලා ගේට්ටුව ගාව හිටියේ මමයි ආරුයි අක්කයි විතරයි

"පරිස්සමින් යන්න ගිහින් මැසේජ් එකක් දාන්න "

අක්කා අපි දෙන්නට ඉන්න කියලායන්න ගිය නිසා මම එයාගේ පැත්ත හැරිලා කිව්වේ එයා ඔළුව වනද්දි

"ම්ම් මාත් එක්ක හෙට ගාමන්ට් එකට යන්න එනවද චූටි අයියේ "

"මම ආවට කමක් නැද්ද ?"

"කමක් නෑ එන්න මම ආසයි ඔයා එනවට "

"මම එන්නම් "

බයික් එක උඩ ඉඳගෙන ඉන්න එයාගේ ඔළුව පිටිපස්සේ අත ගාන ගමන් මම මිමිනුවේ එයා මගේ අතට ඔළුව තද කරන් ඇස් පියාගනිද්දි

"My comfort zone ......"

"පැටියෝ "

"මාව තුරුල් කරගන්නකෝ ටිකකට "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now