54- පළිඟු දිඟහැරුම ♡

785 111 257
                                    

රොනාල්ට කියලා පැවිලියන් එකෙන් එළියට බැස්ස සසිත දුවගෙන ගියේ ටවීශ්ලගේ චේන්කින් රූම් එකට

"හලෝ ක්‍රිශ්නා අයියේ කායි අයියා ඉන්නවද ?"

මේක ඉතින් ක්‍රිකට් ටීම් එකට පොදු දර්ශනයක් .... දොළහ වසරටම ඉන්න හුරතල්ම කොලු ගැටයයීස්කෝලේ ප්‍රදාන ශිෂ්‍ය නායකයයි අතර දුර දිග ගියපු මිතුරු සම්බන්ධයක් තියෙනවා කියලා ඉතින් කොල්ලෝ ටික වටෙන් ගොඩින් දන්නවා ..... මොකෝ කෙලින් අහලාදැන ගන්න කියලද.... ක්‍රිකට් කැප්ටන් උනත් වැඩි කතාවක් නැති ටොප් බෝඩ් එකේ නායකයෝ තුන් දෙනාගෙන් පළවෙනි නායකයනේ ......

"අර චේන්ජින් රූම් එකේ ඉන්නවා මල්ලි මම කතා කරන්නද ?"

"එපා නේ මම ගිහින් කතා කරන්නම් නේ ..... නේද හලෝ ඔව් මම ගිහින් කතා කරන්නම් නේ "

පොඩි කොල්ලා අත් දෙකත් බැඳගෙන ඇස් පිල්ලම් දෙක තුනකුත් ගහලා හුරතලේට කතා කරනකොට ක්‍රිශ්නාට ඇතුලට යන්න ඉඩ නොදි ඉන්න බැරි උනා ඒ නිසාමයි එයා චේන්ජින් රූම් එකේ දොරෙන් ඈත් වෙලා කොල්ලට ඇතුලට එන්න ඉඩ හදලා දුන්නේ

"කායි අයියේ "

මෙච්චර වෙලා හිනාවක් නැති මූනෙන් සපත්තුවල ලේස් ගැට ගගහා හිටිය ටවීශ්ගේ මූනේ පොඩි හිනාවක් ඇදෙනවා මුලු ක්‍රිකට් ටීම් එකම බලන් හිටියේ ලාවට හිනා වෙන ගමන්

"කැප්ටන් අපි ගිහින් ප්‍රෝටින් බාර් එකක් කාලා එන්නම් එහෙනම් "

කොල්ලෝ දාහතරක් පහළොවක් පෝලිමට එළියට කඩාගෙන ගියේ ටවීශ්ට ආයෙම හිනා යද්දි

"ලස්සන බලන්නකෝ මෙයාගේ "

"ලැජ්ජ කරන්න එපා නේ "

"හරි හරි ලැජ්ජ කරන්නෑ මෙහේ එන්නකෝ ටිකක් "

පුටුවක් කරකවලා අරන් එතනින් ඉදගත්ත ටවීශ් සසිතව කකුල් දෙක උඩින් තියාගෙන සසිත අයන් කරපු නිසා දිගෑරිලා මූනට වැටිලා තිබ්බ කොන්ඩෙ කන පිටිපස්සට කරන ගමන්

"සුවදයි "

"ම්ම් "

සසිතගේ කම්මුලකට හාදුවක් තියපු ටවීශ් කොල්ලව තව ටිකක් උස්සලා කකුල් දෙක උඩින් තියාගත්තා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now