නඩු වාරයට පැය කිහිපයකට පෙර
(එකම වෙලාවේ දෙතුන් පැත්තක වෙන සිද්ධිදාම ලියන්න ගියාම තමයි මට ප්‍රෙසර් නගින්නේ )
"ජොඑලා උබට කරදරයක් නැත්තං හැව්ලොක් සිටි එකෙන් මාව හලාගෙන යනවද ?"
මම මෙච්චර වෙලා කල්පනා කරලා බැරිම තැන ජොඑලාට තට්ටුවක් දැම්මේ ඇස් පොඩි කර ගන්න ගමන්
"ඒ මොකටද ?"
"ටවීයා ගාවට යන්න ඕන බන් "
"ඒත් ඌ මේ වෙලේ අපි එක්ක කතා කරයිද ?"
මම ජොඑල් දිහා බැලුවේ අවිනිශ්චිත බැල්මකින් .... ඇත්තටම ටවීශ්ගේ මේ වෙනස් වීම එක පැයක් ඇතුලත මට මහා හිසරදයක් උනා
ටවීශ් කියන්නේ කාගෙවත් හිත රිද්දන ජාතියේ මනුස්සයෙක් නෙමේ කියන්න හොදටම දන්න දෙන්නා මායි ජොඑලායි .... එහෙව් වෙලත් මේ වගේ ප්‍රශ්නයක් වෙනකොට මට සාධාරන සැකයක් ආවා ජොඑලා මදිවට මට ටවීශ්වත් මැගෑරුනද කියලා
"මාව හලාගෙන යමන් ජොඑලා "
"මාත් එන්නද ?"
"එපා බන් ටශ්මිව අරන් ගෙදර පලයන් .... රස්තියාදු කරන්න එපා එයත් මහන්සියෙන්නේ ඉන්නේ "
මම පිටිපස්සේ ශීට් එකේ කකුල් දෙකත් උඩට අරන් ඩෝ එකට හේත්තු වෙලා හිටිය කෙල්ල දිහා බලලා කිව්වේ ජොඑලාත් පිටිපස්සට එබෙද්දි
"ජොඑල් මාව හැව්ලොක් සිටි මෝල් එකෙන් දානවද ? මගේ අයි ශැඩෝ පැලට් එක ඉවරයි "
"අහ් අපි ආයේ එනකොට ඔයාව පික් කරන්නම් "
"ම්ම්"
ටශ්මි ගලවගෙන හිටිය ඩෙක් ශූස් දෙක දාගෙන වාහනෙන් එලියට බැස්සේ ජොඑලා වාහනේ හරවන් ආයෙම ටවීශ්ගේ ගෙදරට යද්දි
"මට ආයෙම කොහේ හරි මගෑරුනද ජොඑලා "
"රොනාල් ඔහොම හිතන්න එපා ඕයි ..... ගිය පාරත් මගෙයි නුරාගෙයි වැරැද්ද සම්පූර්න තියෙද්දි උබ උබට වැරැද්ද පටව ගත්තා "
"ඒ වුනාට මට උබලා ගැන හොයන්න තිබ්බා බන් "
ඇත්තටම මම කිව්වේ හිතේ දුකට ජොඑලා මම ටවීශ් කියන්නේ එකේ ඉඳන් යාලුවෝ.... එහෙම වෙලත් එකෙක්ට කරදරයක් වෙද්දි අනිකා දන්නෑ කිව්වම මට හැමදේම පැත්තක දාලා අවංකවම අඩන්න හිතුනා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...