22- පළිඟු දිඟහැරුම ♡

1K 145 102
                                    

මට මතක හැටියට උනේ මොකක්ද කියලා මටම හිතාගන්න බැරි උනා මාම්ට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා කියලා දැනගත්තම බැලන්ස් එක නැත්තටම නැති වෙලා ගිය මාව ආරු අල්ල ගත්තත් මට පැවිලියන් එකේ ගෙස්ට්ලාට වෙන් වුන තැනම දණ ගැස්සුනේ හදවත ගැහෙන වේගේ මටම දරාගන්න බැරි උන නිසා එක විසිදාහකට වැඩි පිරිසක් ඉස්සරහා ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ විදිහට කඩන් වැටෙනකොට නට නට හිටිය ටවීශයා වගේම ජොඑලත් එතනට දුවන් ආවේ වෙච්චි කෙරිච්ච දේවල් මෙලෝ දෙයක් නොදැන

"මචං ඇයි මේ .......මොකක්ද උනේ "

"මොකක්ද උනේ ඇයි රොනාල් අඩන්නේ මචං බය කරන්න එපා "

"දෙයියන්ගේ නාමෙට එකෙක් හරි කියපල්ලා මේ කොල්ලා අඩන හේතුව !"

ටවීශ් කෑ ගහනවා ඇහෙනකොට මෙච්චර වෙලා ආරුගේ අත් අස්සේ හිටිය මම එයා දිහාවට මගේ ඇස් ගෙනිච්චේ වැටෙන්න ඕන අන්තෙටම වැටිලා

"මාම් ....මාම්...."

"මොකක්ද වෙලා තියෙන්නේ ඔව් ශෙරින් ආන්ටිට මොකද ?"

"ටවීශ් මිසිස් ශෙරින්ට හාට් ඇටෑක් එකක් ඇවිත්ලු "

"වට්ද ෆක් ගෝඩ්"

මට වචනයක් වත් කියාගන්න බැරුව ඉකිගැහෙනකොට කලබල වෙලා හිටිය අයියා ෆෝන් එකෙන් කාටද බනිනවා ලාවට ඇහුණා ටවීශ් ඒ අස්සෙන් අහන ඒවට උත්තර දෙනවට වඩා මාව මේ වෙලාගන්න අමුතු හැඟීම , අහිමි වෙලා යයි කියන බය , තනිවෙයි කියන බයෙන් පැනලා දුවන්න බැරි තැන මම තව තවත් මං ගාව ඉන්න මට දැනෙන උනුහුමට තුරුල් උනේ ඇස් වලින් වාන් දාන කඳුළු වලට ඔහේ ගලන් යන්න ඉඩ දීලා

"ජොඑලා සසිතයා ගාවට පුලුවන් වේගෙන් දුවපන් ගිහින් ඒ යකාට කියපන් එකෙක් මේ පැත්තට අවධානය දෙන්නේ නැති වෙන්න DJ එක දාන්න කියලා "

ජොඑල් දුවලා සසිත ගාවට යනකොට කෝල් එකේ හිටිය අයියා ෆෝන් එක ඇසිස්ටන්ට විසික් කරලා මම ලගට ආවා

"නැගිටපන් උඹ ඔහොම වැටිලා ඉන්නකොට මාව ඉබෙම වැටෙනවා යකෝ "

අයියා කෑ ගහලා මගේ කොලර් එකෙන් ඇදලා නැගිට්ටවනකොට ඇගේම බර ආරධ්‍යට දීලා හිටිය මම පරඩැල වගේ ඇදිලා ගියේ අයියා ගාවට හැබැයි තත්පරයයි ආයෙම මම හිටියේ ආරධ්‍ය ගාව

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now