42- පළිඟු දිඟහැරුම ♡

780 122 133
                                    

_ඩබල් අප්ඩේට්ස් !_😒

"මැක් එක ගාවින් ඇතුලේ පාරට හරවපන් ඊටපස්සේ මීටර් එකසිය පනහයි වමට හරවලා තුන් වෙනි ගෙදරින් නවත්තන්න "

"අනුලා එක ගාව මැක් එකද මැඩම් "

"උඹ මහ ගොනෙක් නෙහාන් අනුලා එක ගාව ඇරෙන්න මේ නුගේගොඩ තව මැක් තියේද ? "

"ඕකා ඔය අවදානේ ඉල්ලන්නේ මැඩම් "

"උබ කටවහපන් "

"මම මොකටද කටවහන්නේ "

"නවත්තගනිව් මගුල ගෙදර උන් දෙන්නා මරාගන්න නිසා වැඩට ආවම එතන උන් දෙන්නත් මරාගන්නවා තොපි මගෙන් කන්න කලින් කටවල් වහපියව් "

"කෑ ගහන්නේ හම් "

"මැඩම් මේ "

"පොඩ්ඩක් ඉදපන්කෝ මුලින් ඔය මැඩම් මැඩම් එක නවත්තපන් රාජකාරි වෙලාවේ විතරක් මැඩම් කියපන් උබලා දෙන්නා මට වඩා බාලයිනේ "

රෙහානා නෙහාන් දිහා බලනගමන් යොහාන්ගෙන් ඇහුවම වයින් කරපු බෝනික්කා වගේ යොහාන් ඔලුව උඩ පහල කරේ ඔව් කියන්න

කොල්ලෝ දෙන්නව බැලූ බැල්මට අදුරගන්න හරිම අමාරුයි සමහර විට රෙහානාට උන් දෙන්නාව අදුරගන්න පුලුවන් වෙන්නැත්තේ එයත් නිවුන්නෙක් නිසා වෙන්න ඕන

හොඳට ඉගෙන ගෙන තිබුණත් පොලීසියට බැදෙන්න ආසාවෙන් හිටිය කොල්ලෝ දෙන්නම හොද පුහුනූවීමක් ලබපු කොල්ලෝ දෙන්නෙක් ... ඉතින් කොල්ලෝ දෙන්නව එකපයින්ම රෙහානා තේරුවෙත් ඒ නිසාමයි ....

පවුලේ විස්තර කිව්වොත් අම්මාගේ උනුහුම නැති කොල්ලෝ දෙන්නට හිටියේ දුප්පත් තාත්තා විතරයි

"මිනිහෝ නෙහාන් මොන සිහියෙන්ද යන්නේ නවත්තපන් "

"ආහ් හා තව ඩිංගෙන් ශකබුම් වෙනවා නේ "

"මූට මොළේ නෑ අක්කේ "

"උබටත් නෑ කියලා දන්නවා පිස්සු පගයෝ දෙන්නා බැහැපන් හැබැයි උපරිම විනාඩි විස්සයි ආයෙම පලයන් පව් නොදි "

"මේ අක්කේ ඇහුවට තරහා වෙන්න එපා "

යොහාන්ට වඩා මැන්ටල් පොරක් වෙච්ච නෙහාන් දබර ඇගිලි දෙකත් එකට එක පූට්ටු කරන ගමන් රෙහානාගෙන් ඇහුවේ රෙහානා ඇස් රෝල් කරලා 5372 වෙනි වතාවටත් මුන් දෙන්නව තෝරගත්ත එකට හිතින් දුක් වෙන ගමන්

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now